hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2024 මාර්තු 20, පෙ.ව. 12:03



පාරිසරික උෂ්ණත්වය ඉහළ යාමෙන් වීදි සුනඛයින්, ගෘහාශ්‍රිත සුරතල් සතුන් මෙන්ම වනජීවීන්ද දැඩි බලපෑමට ලක්ව තිබෙනවා.

නිවෙස්තුළ ඇතිකරන සුනඛයින්, බළලුන් වැනි සතුන් අධික උණුසුම හේතුවෙන් තාප ආඝාතය තත්ත්වයට පත්වීමේ අවදානමක් පවතින බව සත්වවේදීන් පෙන්වා දෙනවා.

සුරතල් සතුන්ගේ ශරීරයේ උෂ්ණත්වය පාලනය කිරීම සඳහා දිනකට දෙතුන්වරක් නැහැවීම මෙන්ම සතුන් වෙනුවෙන් ජල බඳුනක් වෙන්කර තැබීම වඩාත් සුදුසු බව පශු වෛද්‍යවරුන් සඳහන් කරනවා.

එමෙන්ම සුරතල් සතුන් දිවා කාලයේ වාහනතුළ රඳවා යාම දැඩි අවදානම් වන්නේ විනාඩි 20ක් වැනි කෙටි කාලයක් තුළ වාහන තුළ පවතින උෂ්ණත්වය දැඩිලෙස ඉහළයාම හේතුවෙන්.

මේ පිළිබඳ අදහස් දක්වමින් පරිසරවේදී නයනක රන්වැල්ල පවසන්නේ,

“ගෙවල්වල ඉන්න සතුන් සහ පාරවල්වල ඉන්න සතුනුත් තාප කම්පනවලට ලක්වීමේ අවදානමක් තියෙනවා. අපි ඔවුන්ට ජලය හා ආහාර ලබාදීම වගේම ඔවුන්ට ආවරණයක් සකස් කිරීම අත්‍යාවශ්‍ය කාරණයක් බවට මේ මොහොතේ පත්වෙලා තියෙනවා. එහෙනම නොවුණොත් මෙම සතුන්ගේ හෙට දවස අවදානම් සහගතයි. ඒ වගේම කොළඹ හා තදාසන්න ප්‍රදේශවල සර්පයන් නිවාසවලට පැමිණීමේ අවදානමක් අපි දකිනවා. නිවාස අවට තියෙන සර්පයන් ගැවසිය හැකි තැන් අවම කරගැනීමේ මේ තත්ත්වය අවම කරගන්න පුළුවන්.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: