2025 සැප්‍තැම්‍බර් 03, පෙ.ව. 12:07
යළිත් ජාතිවාදී දේශපාලනයකට රට තුළ කිසිදු අවස්ථාවක ඉඩක් නොතබන බවත් ආන්දෝලනාත්මක, තීරණාත්මක තීන්දු ගන්න කිසිසේත්ම බිය වෙන්නේ නැති බව ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කළේ,
“උතුරු සහ දකුණේ බලය ලබාගන්නා ප්‍රධානතම මෙවලම බවට ජාතිවාදය පත්වුණා. එම තත්ත්වය තමා පහුගිය මැතිවරණවලදී මේ රටේ ජනතාව පරාජයට පත් කළේ. උතුරේත් දකුණේත් තමන්ගේ අහිමිවූ බලය ආරක්ෂා කරගැනීමට ජාතිවාදී දේශපාලන ප්‍රවණතාවයන්ගේ කුඩා නැගිටිලි, කෙඳිරිලි අපි දකිමින් තියෙනවා.
ජාතිවාදී දේශපාලනයන් විසින් කිසිවිටෙක පොදු ජනයාට සේවයක් සපයා නෑ. උතුරේ ජාතිවාදය දේශපාලනඥයින්ගේ මෙවලමක්. දකුණේ පැනනඟින ජාතිවාදය දේශපාලන මෙවලමක්. පරාජය වුණු කණ්ඩායම් උපයෝගී කරගන්නා ඉතාම විනාශකාරී මෙවලමක්. ඒ නිසා අප ඔබට ආණ්ඩුවක් ලෙස එකක් සහකික කරනවා.
ආණ්ඩුවක් ලෙස අපි යළි ජාතිවාදී දේශපාලනයට මේ රටේ ඉඩ තබන්නේ නෑ. ඒ වගේම මා විශ්වාස කරනවා ජනතාව ලෙස ඔබත් කොතැනක කුමන ආකාරයකින් පැනනැඟුණත් මේ ජාතිවාදී දේශපාලනය ප්‍රතික්ෂේප කළ යුතුයි. ඒ සඳහා අපි ඔබට ආරාධනා කරනවා.
අපි දන්නවා දකුණේ දේශපාලනයක් ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. නිරන්තරයෙන් ඔවුන් උතුර ගැන කල්පනා කරන්නේ, යුද්ධයක් ගැන අනියත බියක් නිරන්තරයෙන් ගොඩනගමින්, කොළඹ නගරයේ ආයුධ හම්බවෙනවා, වෙඩිතියා ගන්නවා. හැබැයි ඒක සාමාන්‍ය තත්ත්වයක් ලෙස අර්ථකථනය කරනවා.
උතුරේ එහෙම වුණොත් එය යුද්ධයක පෙරනිමිත්තක් ලෙස අර්ථකථනය කරනවා. ඒ කියන්නේ උතුර ගැන නිරන්තරයෙන් අනියත යුද බිමක් නිර්මාණය කරන දේශපාලනයක් තියෙනවා. සියලු සැලසුම්, සටන් පාඨ ඔක්කෝම සකස් කරන්නේ යුද්ධයක් ගැන අනියත බිමක් පෙන්නවමින්.
අපේ ආණ්ඩුව සැමවිටම කටයුතු කරන්නේ යළි උතුරේ යුද්ධයක් ඇති වෙන්නේ නෑ. කුමන හෝ ඉඩක් තියෙනවා නම් ජාතිවාදී ගැටුමක් ඇති වෙන්න ඒ ඉඩ ඇහිරීම ගැනයි අපේ දේශපාලනය. ඒක තමා අපේ ආණ්ඩුවේ අරමුණ. නැවත අනියත බියක් ඇති කිරීම නෙමෙයි.
සමගිය ඇති කිරීමේ අරමුණින් අපි වැඩ කරමින් ඉන්නවා. ඒ සඳහා ගත හැකි ඉතාම ආන්දෝලනාත්මක, තීරණාත්මක තීන්දු ගන්න අපි කිසිසේත්ම බිය වෙන්නේ නෑ. පැරණි ජාතිවාදී, විනාශකාරී ඝෝෂාවන්ට අපි ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග ආපසු හැරවීමට ඉඩ තියන්නේ නෑ.”
ලෝක පොල් දින සැමරුමට සමගාමීව “රටම සරු කරයි නිරතුරු – කප්තුරු සවිය” උතුරේ පොල් ත්‍රිකෝණය දියත් කිරීමේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් ජනපති අනුර කුමාර දිසානායක මේ බව සඳහන් කරයි.
2025 සැප්‍තැම්‍බර් 03, පෙ.ව. 12:09
2025 සැප්‍තැම්‍බර් 03, පෙ.ව. 12:07
2025 සැප්‍තැම්‍බර් 03, පෙ.ව. 12:07
2025 සැප්‍තැම්‍බර් 03, පෙ.ව. 12:06
2025 සැප්‍තැම්‍බර් 03, පෙ.ව. 12:05
03-09-25
03-09-25
03-09-25
03-09-25
03-09-25
03-09-25
02-09-25
02-09-25
02-09-25
02-09-25
02-09-25
02-09-25
02-09-25
02-09-25
02-09-25
02-09-25
02-09-25
02-09-25
02-09-25
02-09-25
01-09-25
01-09-25
01-09-25
01-09-25