hit counter

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

2025 අප්‍රේල් 25, පෙ.ව. 9:54



සිරි දළදා වන්දනාවට සහභාගීවීමට පෝලිම්වල රැඳීසිටින ජනතාව හමුවීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (24) හදිසියේ එම ප්‍රදේශයේ සංචාරයක නිරතවුණි.

සිරි දළදා වන්දනාවට එක්වීම වෙනුවෙන් ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන් පිරිසක් මේ වනවිටත් දිගු පෝලිම්වල රැඳී සිටී.

එම ජනතාවගේ අවශ්‍යතා විමසා බැලීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ රාත්‍රියේ මෙලෙස ස්ථාන කිහිපයක සංචාරය කර තිබේ.

මේ අතර පෝලීම්වල රැඳී සිටින ජනතාව වෙනුවෙන් ඊයේ රාත්‍රියෙත් දන්සල් ක්‍රියාත්මක කෙරුණි.

සිරි දළදා වන්දනාව අද (25) 8වන දිනටත් ආරම්භ කිරීමට නියමිතව තිබේ.

ඒ අනුව සිරි දළදා වන්දනාව පෙරවරු 11 සිට ආරම්භ කිරීමට නියමිතය.

බලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මේ වනවිටත් මහනුවර ප්‍රදේශයට ලක්ෂ 4ක සැදැහැවතුන් පිරිසක් පැමිණ ඇති බැවින් අද දිනයේත් මහනුවරට නොපැමිණෙන ලෙසය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: