hit counter

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා

2025 ජූනි 12, පෙ.ව. 10:07



ජනාධිපති පොදු සමාව අනීතිකව භාවිත කරමින් අනුරාධපුර බන්ධනාගාරයෙන් සිරකරුවෙකුට නිදහස ලබාදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය පියවර ගන්නා බවට දන්වමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ලිපියක් යොමු කර තිබේ.

ඒ අනුව, ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ජනපති වෙත ඉල්ලීම් දෙකක් ඉදිරිපත් කර ඇත.

එහි සඳහන්වන පරිදි, 

1. සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ හා අපක්ෂපාතී පරීක්ෂණයක් මෙහෙයවීම, වගකිව යුතු සියලු පාර්ශවයන් හඳුනාගැනීම සහ අපරාධකරුවන්ට එරෙහිව අවශ්‍ය විනය හෝ නීතිමය පියවර ගැනීම.

2. ආයතනික ප්‍රතිසංස්කරණ කෙරෙහි අවධානය යොමු කරමින් බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මෙහෙයුම්වල විනිවිදභාවය සහ වගවීම ශක්තිමත් කිරීම.

නීතිමය කටයුතු ඉදිරියට ගෙන යාමේදී ජනාධිපතිතිවරයාට, අධිකරණ අමාත්‍යාංශයට සහ අනෙකුත් අදාළ බලධාරීන්ට පූර්ණ සහයෝගය ලබා දීමට නීතිඥ සංගමය සූදානමින් සිටින බවත් නීතියේ ආධිපත්‍යය ආරක්ෂා කිරීමට සහ යුක්තිය පසිඳලීමේ පද්ධතිය අඛණ්ඩතාවයෙන් හා සාධාරණත්වයෙන් ජනතාවට සේවය කරන බව සහතික කිරීමට ශ්‍රී ලංකා නීතිඥ සංගමය කැපවී සිටින බවත් එම ලිපියෙන් දැනුම් දී තිබේ.

අදාළ සම්පූර්ණ නිවේදනය පහතින්,





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: