2023 මැයි 30, පෙ.ව. 10:31
පොසොන් උත්සව සමයේ අනුරාධපුර නගරයේ පැවැත්වීමට නියමිතව තිබූ “පුරවර උදානය“ සංගීත සංදර්ශන සහිත සැණකෙළිය අටමස්ථානාධිපති හිමියන් ඇතුළු බොහෝ දෙනාගේ ඉල්ලීම පරිදි කල්දැමූ බව අනුරාධපුර මහ නගර සභාවේ නාගරික කොමසාරිස් රුවන් විජේසිංහ මහතා පැවසුවා.
පොසොන් උත්සවය සංදර්ශනයක් බවට පත්කර නොගත යුතු බවට තමන් වහන්සේගේ ප්‍රතිපත්තිය බව අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන නාහිමියෝ පොසොන් උත්සව කමිටුවේදී කියා සිටියා.
පොසොන් උත්සව සමය තුළදී අනුරාධපුර මහ නගර සභාව විසින් මේ මස 04 වැනිදා සිට 11 වැනිදා දක්වා අනුරාධපුර නගරයේ ප්‍රධාන පාසල් පිහිටි ස්ථානයක් ආසන්නව විනෝද සැණකෙළිය පැවැත්වීමට කටයුතු යොදා තිබුණා.
මෙම සැණකෙළිය නගරයේ පාසල් ආසන්නව පැවැත්වීම නිසා මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින ළමුන්ට එය බාධාවක් බව බොහෝ දෙනා කියා සිටියා.
විරෝධතාවන් සලකා බලා මෙම සැණකෙළිය සාමාන්‍ය පෙළ විභාගය අවසන් වීමෙන් පසුව ජූනි මස 08 වැනිදායින් පසුව පැවැත්වීමට කටයුතු යොදා ඇතැයිද නාගරික කොමසාරිස්වරයා සඳහන් කළා.
නාගරික කොමසාරිස්වරයා වැඩිදුරටත් කියා සිටියේ මෙම සැණකෙළිය නිසා මහ නගර සභාවට රුපියල් ලක්ෂ 500 ත් 600 ත් අතර ආදායමක් ලැබෙන බවත්, අනුරාධපුර පූජා නගරයේ කසළ ඉවත් කිරීම ඇතුළු කටයුතු සඳහා මුදල් වෙන් කෙරෙන්නේ මෙම ආදායමෙන් බවත්ය.
2024 දෙසැම්බර් 22, පෙ.ව. 10:34
2024 දෙසැම්බර් 22, පෙ.ව. 12:07
2024 දෙසැම්බර් 22, පෙ.ව. 12:07
2024 දෙසැම්බර් 22, පෙ.ව. 12:06
2024 දෙසැම්බර් 22, පෙ.ව. 12:06