hit counter

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

2022 අගෝස්‍තු 09, ප.ව. 12:04



ගෝල්ෆේස් අරගලය අද(09) පැවැත්වෙන්නේ අද 123 වෙනි දිනටයි.

කූඩාරම් ඉදි කර ගත් පිරිසක් තවමත් එම ස්ථානයේ රැඳී සිටින බව අප වාර්තාකරු සඳහන් කළ.

පසුගිය දින වලට සාපේක්ෂව අද දිනයේ කූඩාරම් ඉතිරිව ඇත්තේ ඉතා සුළු ප්‍රමාණයක් බවයි වාර්තා වන්නේ.

අද දිනයේ ගෝල්ෆේස් අරගල භූමිය හා සම්බන්ධ වන ලෙස ඊයේ අරගලකරුවන් පිරිසක් ඉල්ලීමක් කළත් අද පෙරවරුවේ ජනතා සහභාගිත්වයක් දක්නට ලැබුණේ නැහැ.

අරගල භූමියේ අද දහවල් සහ පස්වරුවේ විරෝධතා කිහිපයක් පැවැත්වීමට ද කටයුතු කර ඇති බවයි අරගලකරුවන් සඳහන් කර සිටියේ.

අරගල භූමියේ අද උදෑසන පැවති තත්වය ඇතුළත් වීඩියෝව පහතින්,

https://youtube.com/watch?v=5guFpQzn42g




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: