hit counter

2025 ජූනි මස 01 වන ඉරිදා

2023 මැයි 22, ප.ව. 1:11



“අරගලයේ මුල්පෙළ සංවිධායකවරයකු පවත්වාගෙන ගිය ජංගම ගණිකා නිවාසයක් වටලයි! සුරූපි තරුණියන් ලොකු ගාණකට අලෙවි කරලා” සිරස්තලය යටතේ අප අද ප්‍රවෘත්තියක් පළ කර තිබුණා.

එම ප්‍රවෘත්තිය මගින් අඟුරුවාතොට රෙමුණ ප්‍රදේශයේ දී තරුණියන් ඉහළ ගණන්වලට අලෙවි කරන ජංගම ගණිකා නිවාසයක් පවත්වාගෙන ගිය අරගල සංවිධායකවරයෙකු ඇතුළු හත්දෙනකු පානදුර වලාන දූෂණ මර්දන මර්ධන ප්‍රහාරක බලකාය මගින් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

එම ප්‍රවෘත්තිය පළ වීමත් සමඟ ඒෂියන් මිරර් අප වෙත දුරකතනයෙන් අමතා අරගලකරුවෙක් යැයි සඳහන් නිර්නාමික පුද්ගලයෙකු තර්ජනයක් සිදුකළා.

එහිදී අරගලකරුවෙක් යැයි කියා ගත් එම පුද්ගලයා දුරකතනයෙන් අපගෙන් විමසා සිටියේ එම ප්‍රවෘත්තියේ සඳහන් පරිදි අරගලකරුවෙකු සම්බන්ධ නොවන බවත් එම තොරතුරු ලබාදුන්නේ කෙසේදැයි විමසා තිබුණා.

එම ප්‍රවෘත්තිය අප පළ කරනු ලැබුවේ කරුණු තහවුරු කර ගැනීමෙන් පසු බවත් තොරතුරු ලබා ගත් ආකාරය ප්‍රකාශ කිරීමට කිසිසේත් අප බැඳී නොමැති බව ඔහුට දන්වා සිටියා.

නමුත් පසුව ඔහු තර්ජනය කරමින් කියා සිටියේ “අපි මේවා රෙකෝඩ් කරනවා. අපි බලාගමු”

ජංගම ගණිකා නිවාසයක් පවත්වාගෙන යාමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු අරගලයේ මුල්පෙළ සංවිධායකවරයෙකු වශයෙන් කටයුතු කළ මොරටුවේ පදිංචි (33) පුද්ගලයකු බව අප නැවත වරක් සඳහන් කරනවා.

එම පුද්ගලයා පිළිබඳ තවත් කරුණු රැසක් හෙළිදරව් කිරීමට අප සූදානම්!