hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2022 ජූලි 09, පෙ.ව. 10:38



අද කොළඹ පැවැත්වෙන විරෝධතාව සඳහා දිවයිනේ විවිධ ප්‍රදේශ වලින් ජනතාව එක්රැස් වෙමින් සිටිති.

අප වාර්තාකරුවන් පැවසූවේ කොළඹ අවට ප්‍රදේශවලින්ද විශාල පිරිසක් කොළඹ දෙසට පැමිණෙමින් සිටින බවයි.

දුර පළාත් වලින්ද මේවන විට බස්, දුම්රිය සහ පුද්ගලික වාහන වලින්ද විශාල පිරිසක් කොළඹ දෙසට පැමිණෙන බවයි අප වාර්තාකරුවන් පැවසූවේ.

මේ අතර මහනුවර සිට කොළඹ බලා ධාවනය වන දුම්රිය සඳහා එක් පුද්ගලයෙකු විසින් මුළු දුම්රියටම මුදල් ගෙවා තිබූ බව වාර්තා වනවා.

දුම්රිය අද පෙරවරුවේ පැමිණීමට නොහැකි බව දැන්වුවද විරෝධතාවයට සහභාගි වෙන පිරිස් වල බලකිරීම මත එය ධාවනය කරවීමට දුම්රිය ස්ථානාධිපතිවරයා කටයුතු කර තිබුණා.

ඒ අනුව, ඇතැම් පිට පලාත්වල සිට දැනටමත් දුම්රියන් කොළඹ කොටුව බලා ධාවනය වීම ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර ලංගම වෘත්තීය සමිති ආරම්භ කළ වැඩවර්ජනයද අවසන් කර තිබෙනවා.

මේ අතර ඉන්ධන අර්බුදය හේතුවෙන් පැමිණිමට නොහැකි ඇතැම් පුද්ගලයින් පාගමනින් ද ගෝල්ෆේස් අරගල භූමියට පැමිණෙමින් සිටින බවද වාර්තා වනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: