hit counter

2024 මාර්තු මස 29 වන සිකුරාදා

2022 ඔක්‍තෝබර් 17, පෙ.ව. 2:40



ආණ්ඩුවේ බදු ප්‍රතිපත්ති සහ ආර්ථික ප්‍රතිපත්තිවලට එරෙහිව අරගලකරුවන් සමඟ එක්ව දීපව්‍යාප්ත උද්ඝෝෂණ සහ රැලි මාලාවක් මේ මස අවසානයේ සිට සිදු කිරීමට ජාතික ජනබලවේගය විසින් තීරණය කර තිබෙනවා.

පසුගිය කාලයේ විවිධ ප්‍රදේශවල පවත්වාගෙන ගිය අරගල භූමිවල නියෝජිතයන් සහ එම ප්‍රදේශයේ ජනතාව සමඟ එක්ව මේ උද්ඝෝෂණ මාලාව පැවැත්වීමට නියමිතයි.

මෙම උද්ඝෝෂණ මාලාවේ අවසානය පාර්ලිමේන්තු මැතිවරණය පැමිණෙන තෙක් ක්‍රියාත්මක වන බවයි එම පක්ෂ ආරංචි මාර්ග පැවසූවේ.

ඒ අනුව “ජන මතයට ඉඩක් – මර්දනයට තිතත්” මැයෙන් ජනතා විමුක්ති පෙරමුණ සංවිධාන කරන ජන රැලියක් ලබන 27 වැනිදා කොළඹදී පැවැත්වීමට එම පක්ෂය කටයුතු යොදා තිබෙනවා.

මේ අතර අන්තර් විශ්වවිද්‍යාලයී ශිෂ්‍ය බලමණ්ඩලය සංවිධාන කරන ජන රැලියක් හෙට (18) කොළඹදී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

සියලු අරගලකරුවන් නිදහස් කරනු! ත්‍රස්ත පනත ඇතුළු සියලු මර්දන නීති අහෝසි කරනු!” මැයෙන් එම රැලිය පැවැත්වෙනු ඇති.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: