hit counter

2026 මාර්තු මස 07 වන සෙනසුරාදා

2024 ජූනි 18, පෙ.ව. 11:28



පොසොන් සතිය අදින් (18) ආරම්භ වනවා.

ලබන 24 වැනි දා දක්වා පොසොන් සතිය ක්‍රියාත්මකයි.

අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ජනක ජයසුන්දර මහතා සඳහන් කළේ, මෙවර පොසොන් උත්සවය වෙනුවෙන් අනුරාධපුරයට බැතිමතුන් ලක්ෂ 10කට ආසන්න පිරිසක් පැමිණෙනු ඇති බවයි.

බැතිමතුන්ට අවශ්‍ය පහසුකම් සපයා ඇති බවයි, ලේකම්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

මේ අතර පොලීසිය ප්‍රකාශ කළේ, පොසොන් උත්සවය වෙනුවෙන් අනුරාධපුරයේ ආරක්ෂාව තරකර ඇති බවයි.

ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 4500 දෙනෙකු යෙදවීමට පියවර ගන්නා බවයි, පොලීසිය සඳහන් කළේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: