hit counter

2024 සැප්‍තැම්‍බර් මස 28 වන සෙනසුරාදා

2024 ජූනි 19, පෙ.ව. 12:02



පොසොන් උත්සවයට සමගාමීව ශ්‍රී ලංකා පොලිසිය සහ ආරක්ෂක අංශ විසින් දිවයින පුරා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව, දිවයින පුරා පිහිටි විහාරස්ථාන 12,050 ක් අතරින් විහාරස්ථාන 11,095 ක පොසොන් පොහොය දින වැඩසටහන් පැවැත්වෙන බවට වාර්තා වී ඇති බව සඳහන්.

එහිදී පොසොන් කලාප 322 ක්, පොසොන් තොරණ 296 ක්, දන්සැල් 4,557ක් ඇතුළු දිවයින පුරා පොසොන් උත්සව 5929 කට ආසන්න සංඛ්‍යාවක් පැවැත්වෙනවා.

ඉන් වැඩි සංඛ්‍යාවක් බස්නාහිර පළාත ⁣තුළ පිහිටි විහාරස්ථාන ආශ්‍රිතව සංවිධානය කරන ලද වැඩසටහන් බවයි වාර්තා වන්නේ.

ඒ අනුව, දිවයිනේ විවිධ ප්‍රදේශයන් ඔස්සේ පැමිණෙන සැදැහැවතුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් ආරක්ෂාව පිළිබඳ සාකච්ඡා පවත්වා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් සකස් කර ඇති අතර, ඒ යටතේ ආරක්ෂක රාජකාරි සදහා පොලිස් නිළධාරීන් 19,062 ක්, විශේෂ කාර්ය බලකා නිළධාරීන් 370 ක්, ත්‍රිවිධ හමුදා භටයින් 607 ක් සහ ප්‍රජා පොලිස් කමිටු සාමාජිකයින් 26,013 දෙනෙකුට අධික පිරිසක් ද මෙවර ආරක්ෂාව සදහා යෙදවීමට සුදානම් කර තිබෙනවා.

එසේම, පොලිස් ස්ථාන මට්ටමින් විශේෂ රථවාහන සැලස්මක් ක්‍රියාත්මක කරන ලෙසටත්, දිවා, රාත්‍රි ජංගම සංචාර, යතුරු පැදි සංචාර මගින් ප්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කරන ලෙසටත් පොලිස්පතිවරයා විසින් උසස් පොලිස් නිලධාරීන් වෙත උපදෙස් ලබාදී ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

Example Image




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: