2024 නොවැම්‍බර් 19, පෙ.ව. 12:02
ශ්‍රී ලංකා යුද හමුදාව විසින් නිකුත් කළ නිවේදනයකින් දක්වා ඇත්තේ, උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් වෙඩිතලතිව් යුද්ධ හමුදා ආධුනික පුහුණු කඳවුරේ පුහුණුවීම් කටයුතු තාවකාලිකව අත්හිටුවා ඇති බවයි.
මෙයට හේතුව නම්, ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෙඩිතලතිව් ආධුනික පුහුණු පාසලේ පුහුණුව ලබන ආධුනික සෙබළුන් අතරේ හටගත් උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් එහි පුහුණුවීම් තාවකාලිකව අත්හිටුවා වෛද්‍ය නිලධාරියකුගේ අධීක්ෂණය යටතේ එම කඳවුර නිරෝධායනයට ලක් කිරීමට කටයුතු කර ඇති බවයි.
පසුගිය 11 වැනිදා සිට පුහුණුවීම් වල නිරත ආධුනික සෙබළුන් මෙලෙස උණ රෝගි ලක්ෂණ හේතුවෙන් ප්‍රතිකාර ලබාගැනීමට යෙමුකර ඇති අතර, මේ වනවිට 25 දෙනෙකු රෝහල් ගත කිරීමෙන් පසුව නේවාසිකව ප්‍රතිකාර ලබන බව ඔවුන් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නවා.
ඉන් එක් අයෙකුගේ තත්ත්වය බරපතල රෝගී තත්ත්වය පසුවන බැවින් ඔහු අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනය වෙත වැඩිදුර ප්‍රතිකාර සඳහා ඇතුළත් කර ඇති බව ශ්‍රී ලංකා යුද හමුදාව වැඩිදුරටත් කියා සිටියා.
කෙසේවෙතත් ඔවුන් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ, මේ වනවිට මෙම උණ රෝගී තත්ත්වය පැතිර යාම සාර්ථකව පාලනය කර ඇති බවයි.
2026 මාර්තු 13, පෙ.ව. 12:31
2026 මාර්තු 13, පෙ.ව. 12:26
2026 මාර්තු 13, පෙ.ව. 12:21
2026 මාර්තු 13, පෙ.ව. 12:11
2026 මාර්තු 13, පෙ.ව. 12:11
12-03-26
12-03-26
12-03-26
12-03-26
10-03-26
10-03-26
05-03-26
05-03-26
05-03-26
05-03-26
04-03-26
04-03-26
28-02-26
28-02-26
25-02-26
25-02-26
25-02-26
25-02-26
24-02-26
24-02-26
24-02-26
24-02-26
22-02-26
22-02-26