hit counter

2025 ජූනි මස 03 වන අඟහරුවාදා

2023 ජනවාරි 22, පෙ.ව. 5:12



ඇමරිකානු ඩොලර් 700,000 ලෝක බැංකු අධාරද අහිමි කර ගනිමින් ක්‍රියාත්මක කරනු ලැබූ අරුවක්කාලු සනිපාරක්ෂක කසල රැදවුම් ව්‍යාපෘතිය නිම කළ යුතු කාලය ඉක්මවා වසර දෙකක් ගත වී තිබුණද එකි ව්‍යාපෘතියෙන් අපේක්ෂිත ප්‍රථිපල මේ දක්වා ලබා ගැනිමට නොහැකි වි ඇති බව ජාතික විගණන කාර්යාලය පෙන්වා දෙනවා.

අදාළ කොන්ත්‍රාත්කරු විසින් මෙම ව්‍යාපෘතියේ ඉදිකිරිම් කටයුතු 2022 ජුනි මස 15 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි  අත්හිටුවා ඇති බවද  විගණනය මගින් අනාවරණය කොට තිබෙනවා.

රජයේ හා ලෝක බැංකු ප්‍රසම්පාදන වලට අනුකුලව කොන්ත්‍රාත්තුව ප්‍රදානයේ දි විනිවිදභාවයකින් සිදුකර නොමැති බවට  ලෝක බැංකු සමාලෝචන කණ්ඩායම  නිරික්ෂණ ඉදිරිපත් කර තිබුණා.

එහෙත් මෙම ව්‍යාපෘතිය කඩිනමින් නිම කළ යුතු බවට හේතු දක්වමින් කොන්ත්‍රාත් ප්‍රධානය සම්බන්දයෙන් නැවත ඇගයිමක්  සිදුනොකර දේශිය අරමුදලින් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කොට තිබුණා.

මේ නිසා ව්‍යාපෘතියට ලබාදිමට එකගවු ඇමරිකානු ඩොලර් 700,000ක ලෝක බැංකු ආධාරද  අහිමිවි තිබුණා.

මෙම ව්‍යාපෘතිය සදහා මේ වනවිට රුපියල් මිලියන 18,601.49 ක මුදලක් වැයකොට තිබෙනවා.

කොන්ත්‍රාත්කරු සදහා 2021 12.31 දිනට බිල්පත් සදහා රුපියල් මිලියන 4,494.61ක  මුදලක් ගෙවිමට ඇති බවද විගණන වාර්තාවේ සදහන් වෙනවා.

මෙම ව්‍යාපෘතියේ ඇස්තමේන්තුගත මුදල රුපියල් මිලියන 19,127ක්.

මෙම ව්‍යාපෘතිය 2018 ජනවාරි මස 01 වැනි දින ආරම්භ කර 2019 ජුනි මස 30වනවිට අවසන් කිරිමට සැලසුම්කොට තිබුණා.

මේ වන විට මෙම ව්‍යාපෘතියේ ඉදිකිරිම් කටයුතුවලින් සියයට 87ක ඉදිකිරිම් කටයුතු අවසන් කොට ඇති බවද නාගරික සංවර්ධන අපද්‍රව්‍ය බැහැරලිම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ ප්‍රධාන ගණන් දීමේ නිලධාරියා විසින් විගණනයට සදහන් කොට තිබෙනවා.