hit counter

2024 ජූලි මස 02 වන අඟහරුවාදා

2024 ජූනි 30, පෙ.ව. 12:02



මෙරට ක්‍රියාත්මක ක්‍රම සහ විදි කොමිෂන් සභාව පොල්තෙල් ආනයන කරන සමාගම් වලට යට වී තිබෙන බවත් විපක්ෂයේ කණ්ඩායම් තෙල් ජාවාරමට කතා නොකරන්නේ කුමක් නිසාදැයි තමන් ප්‍රශ්න කරන බව ජාතික පාරිභෝගික පෙරමුණේ නායක අසේල සම්පත් මහතා පැවසුවා.

දඹුල්ල ප්‍රදේශයේදී විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් ඒ මහතා මේ බව සඳහන් කළා.

මේ වනවිට මෙරට පොල්තෙල් මිල කෘතිමව ඉහළ දමා ජනතාව නොමග යවමින් කර්මාන්තකරුවන් කඩා දමමින් විදේශීය රටවල පිරිපහදු කරන ලද පාවිච්චි කරන ලද තෙල් ගෙන්වා  බදු සහනයක් ලබාගෙන අධික ලාභයක් ලබා ගැනීමේ සැලසුම හෙළි කිරීම සදහා හෙතෙම මෙම මාධ්‍ය හමුව කැඳවා තිබිණි.

 මේ වන විට විදේශ රටවලින් ගෙන්වා  පොල්තෙල් නමින් අලෙවි කරන තෙල් ආහාර නිෂ්පාදනය සඳහා නුසුදුසු බවත් එය කෙටි ආහාර නිෂ්පාදනය සිදු කරද්දී විශාල වශයෙන්ම ජලපෙන නගින සේ  පෙන නගින බව ද පෙන්වා දුන්නා.

එමෙන්ම මෙරට විශ්ව විද්‍යාල පද්ධතියේ හා රාජ්‍ය ආයතන වල ඇති සෑම ආපනශාලාවකම ආහාර සදහා යොදා ගනු ලබාන්නේ වෙනත් ප්‍රබල හෝටල් වල අවස්ථා කිහිපයක් පාවිච්චි කොට ඉවත් කරන ලද තෙල්වලින් බව පැවසුවා.

මෙය තමන් වගකීමෙන් ප්‍රකාශ කරන බවත් ඕනෑම අයෙකුට එය පරීක්ෂා කර බැලීමට හැකියාව තිබෙන බවද හෙතෙම දැඩිව චෝදනා කරන්නට වුණා.

 මේ  වන විට වෙළඳ අමාත්‍යාංශය ඉතාම සූක්ෂම ලෙස බිත්තර  ආනයනයේදී සිදු කළ දේම සිනි ආනයනයේදී සිදු කල දේම පොල්තෙල් වලට බදු සහනයක් ලබාදීමේ කූඨ ජාවාරමක් ක්‍රියාත්මක වන බවද අසේල සම්පත් මහතා චෝදනා කළා.

මේ වන විට මහා දියඹේ නැව් ගණනාවක් නැව් ගුරම් දා විදේශ රටවලින් තෙල් ගෙන්වා සඟවාගෙන තිබෙන බවත් එම තෙල්වලට බදු මුදල අඩු කොට ඔවුන්ට අතිවිශාල ලාභයක් ලබාදීම සඳහා උත්සාහයක නිරත වෙමින් තිබෙන නිසා කිසිදු ආකාරයෙන් බදු සහනයක් මෙම තෙල්වලට ලබා නොදෙන ලෙස තමන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවත් මේ පිළිබඳව පක්ෂ විපක්ෂ සියලු දෙනාගේ කඩිනම් අවධානය යොමු කොට පාර්ලිමේන්තුවේදී හෝ සාකච්ඡා කරන්නැයි තමන් රටේ ජනතාව වෙනුවෙන් ඉල්ලා සිටින බව සඳහන් කළා.

මේ රටේ ජනතාව වෙනුවෙන් රටේ බලධාරීන් පක්ෂ විපක්ෂ දේශපාලන අධිකාරිය සෞඛ්‍යාංශ  අමාත්යංශය  සමාජ සංවිධාන ඕනෑම අයකුට රටින් ගෙන්වා පිරිපහ කරන ලද තෙල් ගබඩා පරික්ෂාවට ලක් කළ හැකි බවත් එහිදී සිදුවන ක්‍රියාදාමය  අනාවරණය කර ගැනීමට හැකියාව පවතින බවද අසේල සම්පත් මහතා වැඩිදුරටත් සඳහන් කළා.

මෙරට පාරිභෝගික අධිකාරියක් නොමැති බවත් එය ව්‍යාපාරික අධිකාරියක් බවට පත්ව තිබෙන බවද චෝදනා කළ හෙතෙම කියා සිටියේ පාරිභෝගික අධිකාරියක් තිබේ නම් මෙවැනි දේ සිදු කිරීමට හැකියාවක් නැති බවයි.

එම නිසා පාරිභෝගික අධිකාරියේ නම වෙනස් කොට එය ව්‍යාපාරික අධිකාරිය බවට නම් කිරීමට සිදුව තිබෙන බවද ඒ මහතා චෝදනා කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: