hit counter

2026 පෙබරවාරි මස 03 වන අඟහරුවාදා

2024 මැයි 27, පෙ.ව. 12:02



අස්වැසුම දෙවන අදියර උතුරු පළාතෙන් ආරම්භ කිරීමට රජය සැලසුම් කර තිබෙනවා.

ඒ,දිවයිනේ පළාත් රැසක ග්‍රාම නිලධාරීන් අස්වැසුම සුබ සාධක ප්‍රතිලාභ වැඩසටහනට සම්බන්ධ නොවීම හේතුවෙන්.

උතුරු පළාතේ ග්‍රාම නිලධාරීන් වෘත්තීය ක්‍රියාමාර්ගවල නිරත නොවී රජයේ සුබ සාධන වැඩපිළිවෙළවල් ක්‍රියාත්මක කිරීමට සහයෝගය දැක්වීම නිසා අස්වැසුම දෙවැනි අදියර මෙසේ උතුරු පළාතෙන් ආරම්භ කිරීමට මුදල් අමාත්‍යාංශය අවධානය යොමුකර තිබෙනවා.

ග්‍රාම නිලධාරීන් මේ වනවිට අස්වැසුම දෙවැනි අදියර සඳහා අයැදුම්පත් එවන ලද අයගේ තොරතුරු සොයා බැලීම ආදී කටයුතුවලින් ග්‍රාම නිලධාරීන් ඉවත්ව සිටිනවා.

සිය ඉල්ලීම් සඳහා නිසි විසඳුමක් ලැබෙන තුරු රජයේ සහනාධාර වැඩපිළිවෙළට සම්බන්ධ නොවන බව ග්‍රාම නිලධාරීන් පවසන අතර අස්වැසුම දෙවැනි අදියර යටතේ අයැදුම්පත් ලක්ෂ හතර හමාරක් ලැබී ඇති බවයි මුදල් අමාත්‍යාංශය පවසන්නේ.

ඒ අනුව අස්වැසුම ප්‍රතිලාභය පවුල් ලක්ෂ විසිහතරකට ලබාදීමට නියමිතයි.   





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: