hit counter

2026 මාර්තු මස 13 වන සිකුරාදා

2024 මාර්තු 21, ප.ව. 1:56



මෙම සතියේ සිට විදෙස් ශිෂ්‍යයින් සඳහා වීසා නීති දැඩිකිරීම ක්‍රියාත්මක කිරීමට ඔස්ට්‍රේලියාව තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඔවුන් එම තීරණය ගෙන ඇත්තේ ඔස්ට්‍රේලියාවට පැමිණි සංක්‍රමණිකයින් ගණන විශාල ලෙස වැඩිවී ඇති පසුබිමකයි.

සංක්‍රමණිකයින්ගේ පැමිණීම වැඩිවීම හේතුවෙන් එරට කුලි නිවාස වෙළෙඳපොළ තරගකාරීත්වය නොසිතූ ලෙස වර්ධනය වී ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පේනවා දෙන්නේ.

මේ අතර උපාධිධාරී වීසා සහ ශිෂ්‍ය වීසා සඳහා අවශ්‍ය ඉංග්‍රීසි භාෂා අවශ්‍යතාවය තවත් වැඩිකර ඇති අතර ජාත්‍යන්තර ශිෂ්‍යයින් සඳහා පහසුකම් සලසන සමාගම් නීති දිගින් දිගටම කැඩුවොත් එම සමාගම්වල කටයුතු අත්හිටුවීමට ඔස්ට්‍රේලියානු රජයට බලය පවරා තිබෙනවා. 





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: