hit counter

2025 අගෝස්‍තු මස 03 වන ඉරිදා

2024 මැයි 27, ප.ව. 2:21



කටුනායක ගුවන්තොටුපොළේ පැමිණීම් පර්යන්තය පිටත වාහන නවතා තැබීම ක්‍රමවත් කිරීම සඳහා ගුවන්තොටුපොළ සහ ගුවන්සේවා සමාගම නව වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබෙනවා.

ඒ අනුව මින් පසු රියදුරෙක් නොමැතිව වාහන එම ස්ථානයේ නවතා තැබීම තහනම් වනවා.

එමෙන්ම ආගමන ගුවන් මගීන් රැගෙන යෑමට පැමිණි වාහන අදාළ රථගාල් වල සිට නියමිත වේලාවට පමණක් පැමිණීමේ පර්යන්තය පිටතට පැමිණිය යුතුය.

මේ අතර රියදුරු සහිතව ද පරිශ්‍රය තුළ වාහන තදබදයක් ඇතිවන පරිදි විනාඩි 30කට වඩා එම ස්ථානයේ ගැවසෙන වාහන සඳහා ගුවන්තොටුපොළ පරිශ්‍රයෙන් පිටතට යනවිට විශේෂ ගාස්තුවක් අයකරන බව ගුවන්තොටුපොළ සහ ගුවන්සේවා සමාගම සඳහන් කරනවා.

එම සමාගම පවසන්නේ අයථා වාහන සහ පුද්ගලයින් ගුවන්තොටුපොළ පරිශ්‍රයට පැමිණීම පාලනය කිරීම මෙහි අරමුණ බවයි.