hit counter

2026 පෙබරවාරි මස 05 වන බ්‍රහස්පතින්දා

2024 දෙසැම්‍බර් 22, පෙ.ව. 12:06



ඉදිරියේ දී වානිජ බැංකුවක හෝ මූල්‍ය ආයතනයක ඕනෑම ආකාරයේ ගිණුමක් විවෘත කරන්නේ නම් ඊට පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේතුව නිකුත් කළ ජාතික හැඳුනුම්පත් අංකය අනිවාර්ය බව ශ්‍රී ලංකා මහ බැංකුව දැනුම් දෙනවා.

එමෙන්ම මේ වනවිටත් ජාතික හැඳුනුම්පත් අංකය ලබා නොදී ඕනෑම ආකාරයේ ගිණුමක් විවෘත කර ඇත්නම් මේ මස 31 වනදාට පෙර තමාගේ ජාතික හැඳුනුම්පත් අංකය අදාළ බැංකු වෙත ලබාදෙන ලෙසයි එම ගිණුම් හිමියන්ට දැනුම් දෙන්නේ.

ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ ඇතැම් ගිණුම් හිමියන් ජාතික හැඳුනුම්පත් අංකය වෙනුවට විදෙස් ගමන් බලපත් අංකය, රියදුරු ගමන් බලපත්‍ර අංකය ලබා දී බැංකු ගිණුම් විවෘත කර ඇති බවයි.

කෙසේ වෙතත් ශ්‍රී ලාංකිකයක් නොවන පුද්ගලයෙකුට වලංගු විදෙස් ගමන් බලපත්‍ර අංකය ලබා දී වානිජ්‍ය බැංකුවක හෝ මූල්‍ය ආයතනයක ගිණුම් විවෘත කිරීමේ හැකියාව පවතිනවා.

යම් වානිජ්‍ය බැංකුවක් හෝ මූල්‍ය ආයතනයක් කඩා වැටීමට ලක්වුවහොත් වන්දි ලබා ගැනීම සඳහා ජාතික හැඳුනුම්පත් අංකය අත්‍යවශ්‍ය බව මහ බැංකුව පවසනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: