hit counter

2025 ජූලි මස 08 වන අඟහරුවාදා

2025 ජූලි 09, පෙ.ව. 12:09



ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.

කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය හමු­ව­කදී උන්ව­හන්සේ මේ බව පැව­සූහ.

මෙහිදී වැඩි­දු­ර­ටත් උන්ව­හන්සේ මෙසේද පැව­සූහ.

අද රට ලස්ස­නයි. හැබැයි වටේ පිටේ වෙඩි හඬ ඇහෙ­නවා. කොහෙන් එන­වද කොහෙන් යන­වද කියලා දන්නෙ නැහැ. ජන­තාව දන්නෙත් නැහැ. ජනා­ධි­ප­ති­ව­රයා මේවා නතර කරන්න කියා ත්‍රිවිධ හමු­දා­ව­ටත් පොලි­සි­ය­ටත් භාර දුන්නා. මම ජනා­ධි­ප­ති­ව­ර­යාට හද­ව­තින්ම ආශි­ර්වා­දය පිරි­න­ම­නවා. ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකි­න­විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බ­රයි. මේ රජය කරන දේව­ල්ව­ලට සීල­ර­තන හිමියෝ විරු­ද්ධයි කියා හිතන්න එපා. වැරැ­ද්දක් දැක්කොත් වැරැද්ද කියා දෙනවා. හොඳ දේට හොඳයි කිය­නවා. නරක දේට නර­කයි කිය­නවා. මේ වෙන­විට වෙඩි තැබීම් විශාල ලෙස සිදු වෙනවා. මේ තුවක්කු කොහෙන්ද? මොන රජ­යෙන් දුන්න ඒවද? කොහෙන් හොර­කම් කර­පු­වද? පසු­ගිය කාල­වල විශාල වැට­ලීම් කළා. කුඩු හා අයි­ස්ව­ලට සම්බන්ධ නොයෙ­කුත් අය අත්අ­ඩං­ගු­ව­ටට ගත්තා. ඒ පිළි­බඳ තොර­තුරු අනා­ව­ර­ණය කළ යුතුයි.

කැබි­නට් එක සහ රජ­යත් සේනා­ධි­නා­ය­ක­යත් මේ ගොල්ලන්ගේ නම් දේශ­බන්දු තෙන්න­කෝන් විශ්‍රාම යවලා පොලි­ස්ප­ති­ව­රයා පත් කරන්න බැරි ඇයි? පොලි­ස්පති ධුරය වහාම නම් කරන්න කියා මම රජ­යට කිය­නවා. දැන් බහ­ලුම් පිළි­බඳ සමා­ජයේ කතා වෙනවා. ඉස්සෙ­ල්ලම කතා කළේ මම.

මේ බහ­ලුම් ගෙන්නුවේ මොන ආය­ත­න­යෙන්ද? මේ අයට මෙහෙම වර­ප්‍ර­සාද ලැබෙන්නේ ඇයි? පසු­ගිය රජ­යත් බයයි. මේ රජ­යත් බයයි. මේව ඇතුළේ තිබුණේ මොන­වද?, පිටි වර්ග, කෑම වර්ග, අවි, බෝම්බ, ටී පන­ස්හය වගේ දේවල් තියෙන්න පුළු­වන්. රතු ලේබල් බහ­ලුම් කීයක් තියෙ­න­වද? විවිධ වර්ණ­වල ලේබල් කොයි­ත­රම් තියෙ­න­වද? මේව පරීක්ෂා කළේ කොහො­මද? මේ පිළි­බඳ පැහැ­දි­ලිව එළි­යට දාන්න ඕනෑ.