hit counter

2025 ජූනි මස 01 වන ඉරිදා

2023 ජූනි 15, ප.ව. 10:47



ඓතිහාසික ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේ අලුත් මාළිගා ගොඩනැගිල්ලේ අඩි සියයක් පමණ ඉහළ කොටසේ අනාරක්ෂිතව බැඳ තිබූ බඹර කීපයක් ආරක්ෂිතව ඉවත් කිරීමට බිගු සම්පත් සුරැකීමේ සංවිධානය අද (15) පියවර ගත්තා.

දළදා මාලිගා අලුත් මාලිගා ගොඩනැගිල්ලේ ප්‍රතිසංස්කරණ කටයුතු මේ වන විට සිදු කෙරෙමින් පවතින අතර මෙම බඹර වද හේතුවෙන් එම ප්රතිසංස්කරණ කටයුතු සිදුකිරීමේ ගැටළු උද්ගත වුණා.                                   

මෙම තත්ත්වය පිළිබඳව ශ්‍රී දළදා මාලිගාව විසින් බිඟු සම්පත සුරැකීමේ සංවිධානය වෙත දැනුවත් කිරීමෙන් අනතුරුව ස්වෙච්ඡාවෙන් ඉදිරිපත්ව මෙම බඹර වද ඉවත් කිරීමට එම සංවිධානය පියවර ගත්තා.

බිගු සම්පත සුරැකීමේ සංවිධානයේ ජාතික සංවිධායක හා ප්‍රධාන තාක්ෂණ නිලධාරි මහින්ද විජේසිංහ ඇතුළු කණ්ඩායම ශ්‍රී දළඳා මාළිගා පරිශ්‍රයට පැමිණ අඩි 100ක් පමණ ඉහලින් බැඳ තිබූ බඹර වද බඹරුන්ට හානි නොවන පරිදි ඉතාමත් ආරක්ෂාකාරීව ඉවත් කිරීමට පියවර ගත් අතර මහින්ද විජේසිංහ මහතා එහිදී සඳහන් කළේ මෙම බමරුන් සම්පූර්ණයෙන් පලවා හැරීම මෙහිදී සිදු නොවන බවත් මෙම අලුත්වැඩියා කටයුතු වලින් අනතුරුව නැවතත් බඹර ජනපද ශ්රි දළදා මාලිගා පරිශ්‍රයේ ස්ථාපිත කෙරෙන බවත්ය.                                              

ලෝකයේ පැවැත්ම සඳහා දිගු සම්පත ආරක්ෂා කිරීම අත්‍යවශ්‍ය කරුණක් ව පවතින බවද හෙතෙම වැඩිදුරටත් පැවසුවා.