hit counter

2026 පෙබරවාරි මස 06 වන සිකුරාදා

2025 සැප්‍තැම්‍බර් 18, පෙ.ව. 7:33



දුම්රිය දෙපාර්තමේන්තුවට අදාල වෙන ඔක්කොටම කියන්නේ, සර්විස් එක දෙන්න බැරිනම් කරුණාකරලා අස්වෙලා යන ලෙස ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක සඳහන් කරයි.

අමාත්‍ය බිමල් රත්නායක සඳහන් කළේ,

“මම මේ නැවත කියන්නේ. කරුණාකරලා, ඔබතුමාට මුළු දෙපාර්තමේන්තුව ගැන නෙමෙයි මේ කියන්නේ. ඔයාට බාරදිපු ඒරියා එකක් තියෙනවානේ. ඒකෙ ප්‍රධාන ඔෆිස් දුමිරිය යනවා ගාල්ලේ ඉදලා කොළඹට.

ඒවගෙ, මාසයක් ඇතුළත ඔබතුමා කුමන හෝ සර්විස් එකක් කරන්නම ඕනි. හරිද.. ඔයා මොනාද කරන්න යන දේ කොටස් තමා මං කියන්නේ. වොෂ්රූම්, ජනෙල්, විදුලි පංකා. ඒකෙන් ඔයා මොනවද කරගන්නේ කියන එක ඔයා මට දවස් තුනකින් කියන්න.

මගෙ නම්බර් එක ඉල්ල ගන්න. ඔයා මට වට්සැප් කරන්න. කවුරුත් හරහා ඔන්නෑ. එනිසා දුම්රිය දෙපාර්තමේන්තුවට අදාල වෙන ඔක්කොටම කියන්නේ, සර්විස් එක දෙන්න බැරීනම් යන්න. ඇත්තටම, කරුණාකරලා අස්වෙලා යන්න, ප්ලීස්.

මම මිනිස්සුන්ට අඬනවා මේකේ, මම මිනිස්සුන්ගෙන් සමාව ගන්න එකේ සීමාවක් නෑ. දුම්රිය ගැන. මොකක්ද කරන්නේ.? ඕගොල්ලන්ගේ ඥාති ඔක්කොම යන්නේ මර්සිඩීස්වලද.? දුම්රියේ ලොක්කගෙ දරුවෝ, නෝනලා, කවුරුවත්ම යන්නේ නැද්ද කෝච්චියේ.?

ඒගොල්ලෝ මර්සිඩීස්වලද යන්නේ.? එනිසා කරුණාකරලා මේක සීරියස් ගන්න, නැත්නම් යන්න. ජනාධිපතිතුමාත් කිව්වා, ඉන්න බැරීනම්, කරන්න බැරිනම් ප්ලීස් යන්න. මේ අන්තිම වෝර්නින් එක. තිත්තවෙලා තියෙන්නේ ඇත්තටම.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: