hit counter

2024 ජූලි මස 07 වන ඉරිදා

2024 ජූනි 26, පෙ.ව. 7:48



මෙම දිනවල ඇතැම් රටවල පැතිර යන කුරුළු උණ රෝගයට මුහුණ දීම සඳහා ශ්‍රී ලංකාව සූදානම්ව සිටින බවත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය වැළැක්වීමේ පියවර දැනටමත් ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.

කුරුළු උණ රෝගී තත්ත්වය සම්බන්ධව ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) වීමසිළිමත්ව පසුවන බවත් එම සංවිධානය මේ සම්බන්ධයෙන් විශේෂ මහජන සෞඛ්‍ය නිවේදනයක් මෙතෙක් නිකුත් කර නොමැති බවද සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කරයි.

ගෝලීය වශයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය කිසිදු සංචාරක සීමාවක් පනවා නොමැති අතර වසංගත රෝග විද්‍යායතනය සහ වෛද්‍ය පර්යේෂණ ආයතනය මේ සම්බන්ධව මෙරට රෝහල් 20ක ලබාගත් නියැදි පරීක්ෂා කිරීම දෛනිකව සිදු කරනු ලබන බවද සදහන් කරයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය පර්යේෂණ ආයතනයෙහි (MRI) වෛරස් විද්‍යා දෙපාර්තමේන්තුව H5 සහ H7 ප්‍රභේද හඳුනා ගැනීමේ හැකියාවට අමතරව H9 ඉන්ෆ්ලුවෙන්සා ප්‍රභේදය ද හඳුනා ගැනීමට අවශ්‍ය PCR පරීක්ෂණ පහසුකම් ස්ථාපිත කර ඇති බවද සදහන් කරයි.

පසුගිය වසර 12 පුරාවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ කුරුළු උණ බාහිර තත්ත්ව ඇගයීම් වැඩසටහනේ 100% නිරවද්‍යතාවයක් MRI ආයතනය මගින් තහවුරු කර ඇති බැවින් ඒ සදහා මුහුණ දීමට සෞඛ්‍ය අමාතංශයේ ඉහළම ප්‍රමිතීන් වලට අනුකූල හඳුනා ගැනීමේ සහ ආරක්ෂිත පද්ධති පවතින බවද සදහන් කරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: