hit counter

2026 සැප්‍තැම්‍බර් මස 03 වන බ්‍රහස්පතින්දා

2025 දෙසැම්‍බර් 20, පෙ.ව. 12:07



අද (20) දින සිට උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල – අඹේවල අතර දුම්රිය ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

ඒ අනුව බදුල්ල දුම්රිය ස්ථානයෙන් පෙ.ව 9.00ට සහ ප.ව 3.00ට දුම්රියන් දෙකක් අඹේවල දක්වාත් අඹේවල දුම්රිය ස්ථානයෙන් පෙ.ව 9.30ට සහ ප.ව 3ට දුම්රියන් දෙකක් බදුල්ල දක්වාත් ධාවනය කිරීමට සැලසුම් කර ඇති බව සඳහන්.

එසේම දුම්රියන් වායු සමනය කළ පළමු පන්තියේ වෙන් කළ ආසන මැදිරි දෙකක්, දෙවන සහ තෙවන පන්තියේ වෙන්කළ ආසන මැදිරියක් සහිතව ධාවනය වන බව දන්වයි.

එමෙන්ම නැගෙනහිර දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව – ත්‍රිකුණාමලය අතර දුම්රිය ධාවනය ද හෙට දින සිදු වේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: