2026 ඔක්තෝබර් 26, පෙ.ව. 12:06
සංවිධානාත්මක අපරාධ කල්ලි 48ක් මේ වන විට හඳුනාගෙන ඇති බවත් තවත් කල්ලි 48ක් නිද්රශීලීව සිටින බවත් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්ය අමාත්ය සුනිල් වටගල මහතා පවසනවා.
එම අපරාධ කල්ලි මර්දනය සඳහා සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත ගෙන ඒමට තීරණය කර ඇති බව පසුගියදා මහරගම පැවති වැඩසටහනකදී ඔහු සඳහන් කළා.
මත්ද්රව්ය භාවිතය වැළැක්වීම,ඇබ්බැහි වීමේ අවදානමට මුහුණ දී සිටින පුද්ගලයින් හඳුනාගෙන අවශ්ය ප්රතිකාර හා පුනරුත්ථාපන සේවා වෙත යොමු කිරීම සහ ප්රජාව තුළ මත්ද්රව්ය නිවාරණය පිළිබඳ දැනුවත්භාවය වර්ධනය කිරීමේ අරමුණින් අධි අවදානම් ප්රදේශ ඉලක්ක කරගත් ජංගම වැඩසටහන් මාලාවක් මේ වන විට ක්රියාත්මකයි.
එහි එක් වැඩසටහනක් පසුගියදා පැවැත්වුණේ මහරගම ප්රගතිපුර වසම කේන්ද්ර කර ගනිමින්.
රටම එකට ජාතික මත්ද්රව්ය නිවාරණ වැඩසටහනට සමගාමීව මෙය සංවිධානය කරනු ලබන්නේ අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය විසින් වන අතර මත්ද්රව්ය නිවාරණය පිළිබඳ නිවැරදි විද්යාත්මක දැනුම ප්රජාව වෙත ලබා දීම, ජනතාවගේ ආකල්ප වෙනස් කිරීම සහ මත්ද්රව්ය ගැටලු සඳහා සහය ලබා ගැනීමට 1927 ක්ෂණික දුරකථන සේවාව පිළිබඳ ජනතාව දැනුවත් කිරීම මෙම වැඩසටහනේ තවත් ප්රධාන අරමුණක් වනවා.
එහිදී අදහස් දැැක්වූ නියෝජ්ය අමාත්ය සුනිල් වටගල මහතා
“ සංවිධානාත්මක අපරාධ කල්ලි 48ක් ලංකාවේ අඳුරගෙන ඉන්නවා. සමහර උදවිය ඉන්නේ විදේශයේ. ඒ අයට අපි රතු වරෙන්තු නිකුත් කරලා තියෙනවා. තවත් 48ක් ඉන්නවා නිද්රාශීලී. ඒ අය හිටපු ගමන් නැගිටිනවා. ආයි යනවා. මේ සියල්ල සැලකිල්ලට ලක් කරලා තමයි ලංකාවේ සංවිධානාත්මක අපරාධ පනත ගේන්නේ. අපි දන්නවා විශාල ලෙස මේ පාතාලයට සම්බන්ධ කරලා කප්පම් ගැනීමක් ලංකාව ඇතුළේ යනවා.
මේ කප්පම් ගැනීම්වලට අදාළ කරලත් මේ සංවිධානාත්මක අපරාධ පනත අදාළ කරගෙන අපි ඒ අදාළ නෛතික රාමුව සකස් කරගෙන යනවා.”
2026 ඔක්තෝබර් 26, පෙ.ව. 12:21
2026 ඔක්තෝබර් 26, පෙ.ව. 12:19
2026 ඔක්තෝබර් 26, පෙ.ව. 12:17
2026 ඔක්තෝබර් 26, පෙ.ව. 12:13
2026 ඔක්තෝබර් 26, පෙ.ව. 12:11
24-10-26
24-10-26
24-10-26
24-10-26
23-10-26
23-10-26
23-10-26
23-10-26
23-10-26
23-10-26
23-10-26
23-10-26
22-10-26
22-10-26
22-10-26
22-10-26
20-10-26
20-10-26
19-10-26
19-10-26
18-10-26
18-10-26
18-10-26
18-10-26