hit counter

2025 පෙබරවාරි මස 26 වන බදාදා

2025 පෙබරවාරි 27, පෙ.ව. 12:12



පසුගිය කාලය පුරා ප්‍රවෘත්ති මැවූ තෙල් සංසථාවේ සභාපතිවරයාට පරිහරණය කිරීම සඳහා ලබා දී තිබූ BMW වර්ගයේ මෝටර් රථය විකිණීම සඳහා මේ වන විට ටෙන්ඩර් කැඳවා තිබෙයි.

වර්තමාන සංස්ථාවේ සභාපති ජනක රාජකරුණා මහතාට ලබා දී තිබූ මේ මෝටර් රථය ඔහු විසින් ප්‍රතික්ෂේප කර තිබිණි.

ඒ මේ මෝටර් රථය ඉන්ධන භාවිතය අතින් අවම කාර්යක්ෂමතාවක පැවැතීම නිසාය.

අශ්වබල 3,500ක් පමණ වන BMW 7 SERIESට අයත් මේ මෝටර් රථය 2018 වසරේ මිලට ගෙන ඇත්තේ රුපියල් මිලියන 29.5කට (රුපියල් ලක්ෂ 295ක්) ය.

මෝටර් රථය පෙට්‍රල් ලීටරයකින් ධාවනය කළ හැක්කේ කිලෝමීටර් 4ක් පමණි.

මේ වන විට මෝටර් රථය අවස්ථා කිහිපයකම අලුත්වැඩියා කිරීම වෙනුවෙන් රුපියල් හැටහත් ලක්ෂ හැත්තෑහයදහස් තුන්සිය හතළිස් නවයක් වැය කර තිබේ.

එමෙන්ම වාහනයේ මාසික සේවා වෙනුවෙන්ද අතිවිශාල මුදලක් වැය කරන්න සිදුව තිබේ.

එසේම වාර්ෂික රක්ෂණාවරණ වෙනුවෙන් රුපියල් ලක්ෂ 10කට ආසන්න මුදලක් වැය කළ යුතුය.

මේ කරුණු සැලකිල්ලට ගත් වර්තමාන සභාපතිවරයා මේ වන විට තීරණය කර ඇත්තේ එම සුපිරි රථය අලෙවි කර, එයින් වායුසමනය කළ බස් රථ දෙකක් මිලට ගෙන, එම බස් රථ සේවක ප්‍රවාහනය වෙනුවෙන් ලබා දෙන්නටය.

ඒ හරහා සංස්ථාවට විශාල වැයක් අඩු වනු ඇත.

එක් අතකින් බස් මිල දී ගන්නා නව බස් රථ දෙක වෙනුවෙන් වැය කළ යුත්තේ එක් බස් රථයකට මිලියන 20ක් පමණ වන අතර, බස් රථ දෙක වෙනුවෙන් වැය කළ යුත්තේ මිලියන 40ක් පමණ මුදලක් පමණි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: