hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2023 සැප්‍තැම්‍බර් 09, ප.ව. 3:02



වව්නියාව නෙලුක්කුලම් ප්‍රදේශයේදී ජල ටැංකියකට වැටී මිය ගිය අවුරුදු දෙකේ දැරියගේ මළ සිරුරු මිහිදන් කිරීමෙන් සති දෙකකට පමණ පසුව සිරුර මිහිදන්කල ස්ථානයේ නොමැති බව පවසා දැරියගේ දෙමාපියන් විසින් ඊයේ (08) පොලීසියට පැමිණිල්ලක් දමා තිබෙනවා.

පසුගිය අගෝස්තු 26 වනදා අවුරුදු දෙකක් වයසැති නෙලුක්කුලම් ප්‍රදේශයේ පදිංචි එල්.දිව්‍යා දැරිය ඇගේ නිවසේ ගෙමිදුලේ පිහිටි ජලටැංකිය අසල සෙල්ලම් කරමින් සිටියදී දැරිය ජලටැංකියට වැටී දියේ ගිලීමෙන් මිය ගොස් තිබුණා..

පසුව දැරියගේ මළසිරු රාසේන්ද්‍රකුලම් ප්‍රදේශයේ පිහිටි සුසාන භූමියේදී 27 වනදා දින මිහිදන් කොට තිබූ අතර ඊයේ උදෑසන කාලයේදී දැරියගේ ඥාතියෙකු විසින් අදාල සුසාන භූමිය වෙතට ගොස් සිදුකරන පරික්ෂාවකදී දැරිය මිහිදන් කරන ලද වල හාරා ඇති බවත් වලතුල තිබූ මිණී පෙට්ටිය කඩා මළ සිරුර රැගෙන ගොස් ඇති බවට නිරීක්ෂණය වීමෙන් ඒ බව දැරියගේ දෙමාපියන්ට දැනුම් දී තිබුණා.

අනතුරුව දෙමාපියන්ද අදාල ස්ථානයට ගොස් පරික්ෂා කොට මළ සිරුර අතුරුදහන් බවට තහවුරු වීමෙන් පසුව ඒ පිළිබඳව නෙලුක්කුලම් පොලීසියට මෙන්ම වව්නියාව පොලීසියටද දැනුම් දීමට පියවර ගෙන තිබුණා.

පසුව පොලීසිය විසින් මේ වන විට පරික්ෂණ කටයුතු අරඹා ඇති අතර කිසියම් පිරිසක් අදාල සුසාන භූමියේ මිහිදන කල මළසිරුර ගොඩට ගෙන ඇති බවට සාක්ෂි ලැබී ඇති බවටත් අදාල මළ සිරුර මෙලස ගොඩට ගැනීමට කටයුතු කල පිරිස් සොයා පුළුල් පරික්ෂණයක්ද අරඹා තිබෙනවා.