hit counter

2025 මැයි මස 06 වන අඟහරුවාදා

2025 අප්‍රේල් 09, පෙ.ව. 10:09



මාතර වැලිගම ප්‍රදේශයේ පෞද්ගලික ඇඟලුම් කර්මාන්ත ශාලාවක ඊයේ රාත්‍රියේ උණුසුම් තත්ත්වයක් හටගෙන තිබේ.

ආයතන ප්‍රධානීන් විසින් මෙවර අලුත් අවුරුදු බෝනස් දීමනා ලබාදීමට හැකියාවක් නැති බව පැවසීම හේතුවෙන් මෙම තත්ත්වය ඇතිවිය.

ආයතන ප්‍රධානියාව කර්මාන්ත ශාලාවේ සේවකයන් විසින් නිවාස අඩස්සියේ තබා විරෝධතාවයක යෙදීමත් සමඟ පොලිසිය ද එම ස්ථානයට පැමිණිය පැමිණ තත්ත්වය පාලනය කළහ.

ආයතනය පාලනාධකාරිය සඳහන් කර ඇත්තේ ඇමෙරිකාව විසින් ශ්‍රී ලංකාවට පනවා ඇති නව බදු හේතුවෙන් අලුත් අවුරුදු ප්‍රසාද දීමනාව ලබාදීමට නොහැකි බවයි.

පොලිසිය පැමිණ තත්ත්වය පාලනය කළ ද අද පෙරවරුව වනතෙක්ම එහි සේවකයන් ආයතන පිවිසුම් දොරටුව අවහිර කරමින් විරෝධතාවය නියැලී තිබේ.

ඇමරිකාව විසින් ශ්‍රී ලංකාවට පනවා ඇති නව තිරුබදු අනුපාත අප්‍රේල් මස පස්වන දින සිට ක්‍රියාත්මකය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: