2025 නොවැම්‍බර් 25, පෙ.ව. 12:06
මාර්ග ආලෝක කටයුතු සදහා බෝපෙ පොද්දල ප්‍රාදේශිය සභාව විසින් බල්බ මිලදි ගැනිමේදි රුපියල් 250කට මිලදි ගැනිමට තිබු බල්බයක් රුපියල් 1195කට මිලදි ගැනීමෙන් සභා අරමුදලට රුපියල් හාරලක්ෂ හතලිස්පන් දහසක පාඩුවක් සිදුවි ඇති බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කළ විගණන වාර්තාවක සදහන් කර ඇත.
බල්බ දහසක් මිලදි ගැනිම සදහා ආයතන 08කින් මිල ගණන් කැදවා ඇති අතර අනතුරුව මුදල් කාරක සභාවේ තිරණය මත පිරිවිතර සමග ගැලපෙන අවම මිල ඉදිරිපත් කර ඇති ආයතනයෙන් එක් බල්බයක් රුපියල් 250ක මුදලකට මිලදි ගැනිමට තීන්දු කර ඇත.
එහෙත් ප්‍රාදේශිය සභාව විසින් එක් බල්බයක් රුපියල් 250ක මුදලකට මිලදී ගැනීමට අනුකුල නොව් එක් බල්බයක් රුපියල් 1,195 මුදලකට මිලදි ගැනිම නිසා සභා අරමුදලට මෙම පාඩුව සිදුවි ඇති බව විගණන වාර්තාවේ සදහන් වේ.
ඒ අනුව වැඩිපුර ගෙවිම් කළ මුදල් වගකිවයුතු නිලධාරීන්ගෙන් අයකළ යුතු බවට 2024 වර්ෂයට අදාළව නිකුත් කර ඇති විගණන වාර්තාව මගින් නිර්දේශ කර ඇත.
2025 නොවැම්‍බර් 25, පෙ.ව. 12:11
2025 නොවැම්‍බර් 25, පෙ.ව. 12:11
2025 නොවැම්‍බර් 25, පෙ.ව. 12:08
2025 නොවැම්‍බර් 25, පෙ.ව. 12:05
2025 නොවැම්‍බර් 25, පෙ.ව. 12:04