hit counter

2026 ජනවාරි මස 10 වන සෙනසුරාදා

2025 සැප්‍තැම්‍බර් 23, පෙ.ව. 12:03



ලංකා ගමනාගමන මණ්ඩලයේ පවතින රියදුරු සහ රිය සහායක තනතුරු වල පුරප්පාඩු සඳහා කාන්තාවන් බඳවා ගැනීමේ ක්‍රමවේදයක් ආරම්භ කරනා බව පසුගියදා ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා සඳහන් කළේය.

එම සංකල්පය යථාර්තයක් කරමින් අදාළ පුරප්පාඩු සඳහා බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ මේ වනවිට ආරම්භ කර තිබේ.

මෙසේ බඳවා ගන්නා රියදුරුවරියන් සහ රිය සහයකවරියන් දිවයින පුරා පාසල් දරුවන් ප්‍රවාහනය සඳහා යෙදවීමට මේ වනවිට තීරණය කර තිබේ.

කෙසේවෙතත් රිය සහයක තනතුර සඳහා කාන්තාවන් අතර වැඩි ඉල්ලුමක් පැවතියද කාන්තා රියදුරු තනතුර සඳහා මේ වනවිට අයදුම්පත් 7ක් පමණක් ලැබී ඇති බව ලංගම පවසයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: