hit counter

2025 සැප්‍තැම්‍බර් මස 25 වන බ්‍රහස්පතින්දා

2025 සැප්‍තැම්‍බර් 26, පෙ.ව. 12:03



එළඹෙන මස පළමුවනදා සිට පෞද්ගලික බස් රථවල ටිකට්පත් නිකුත් කිරීම මෙන්ම ටිකට් පත් ලබාගැනීමද අනිවාර්ය වේ.

ඒ බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරීය ප්‍රකාශ කරයි.

ඒ අනුව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරීයේ සභාපති ගාමිණි ජයසිංහ මහතා විසින් එසේ ටිකට්පත් නිකුත් නොකරන රිය සහයකයින්ට මෙන්ම මගීන්ටද නීතිය ක්‍රියාත්මක කරන බව පවසා ඇත.

එමෙන්ම මගී බස් රථවලට ජී.පී.එස් යන්ත්‍ර සවිකිරීම මෙන්ම කාඩ්පත් මගින් මුදල් ගෙවීමේ පහසුකමද මෙම වසර අවසානයට පෙර හඳුන්වා දෙන බවද සභාපතිවරයා ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් මෙම වසරේදී බස් ධාවනය සම්බන්ධයෙන් ද විවිධ නීති රැසක් මහජන ආරක්ෂාව උදෙසා ක්‍රියාත්මක කිරීමට රජය සහ ආරක්ෂක අංශ එකතුව කටයුතු කරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: