2026 ජනවාරි 26, පෙ.ව. 12:14
බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති ගාමිණී ජාසිංහ මහතා පවසා ඇත්තේ මත්ද්‍රව්‍ය භාවිතා කිරීම පිළිබඳව සොයා බැලීම සම්බන්ධයෙන් බස් රථ රියදුරන්ට සිදුකරන පරීක්ෂණ බස් රථ කොන්දොස්තරවරුන්ටත් සිදු කිරීමටත තීරණය කළ බවත් ඒ අනුව ලබන සතියේ දී බස්නාහිර පළාත තුළ අහඹු ලෙස මෙම පරීක්ෂණ කටයුතු ආරම්භ කරන බවත්ය.
ඔහු වැඩිදුරටත් සදහන් කලේ බස් රථ රියදුරන් වාගේම කොන්දොස්තර මහත්වරුන්ද රාජකාරී කටයුතු සිදුකරන විට සම්පූර්ණයෙන්ම මත්පැන් භාවිතයෙන් වැළකී සිටිය යුතු බවත් මෝටර් රථ පනතට අමතරව අධිකාරිය මගීන් ද මේ සඳහා දඬුවම් ලබාදීම සඳහා නීතිමය ප්‍රතිපාදන පවතින බවත්ය.
එමෙන්ම බස් රථ බලපත්‍රයක් ලබා දීමේදී කොන්දේසි 38ක් යටතේ එය ලබාදෙන බවත් බස් රථ රියදුරු මහතාගේ සහ කොන්දොස්තර මහතාගේ ක්‍රියා පටිපාටිය ද එම කොන්දේසිවලට අනිවාර්යෙන්ම ඇතුළත් වන බවත් ඔහු පෙන්වා දුන්නේය.
ඔහුගේ ප්‍රකාශයේ වැඩිදුරටත් සදහන් වූ ආකාරයට බස්නාහිර පළාත තුළ මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියට අයත් බස් රථ නැවතුම්පොළ 65ක් තිබෙන බවත් එම ස්ථානවලදී අහඹු ලෙස ජංගම රසායනාගාර පරීක්ෂණ යොදාගෙන මෙම පරීක්ෂණ සිදුකිරීමට සැලසුම් කර ඇත.
කොළඹ , ගම්පහ, කළුතර දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි බස්නාහිර පළාත තුළ පෞද්ගලික බස් රථ 5000කට ආසන්න ප්‍රමාණයක් දෛනිකව ධාවනය වන බවත් මේ අනුව බස් රථ රියදුරන් සහ කොන්දොස්තරවරුන් 10000කට ආසන්න ප්‍රමාණයක් එම බස් රථවල සේවය කරන බව වාර්තා වේ.
බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය , ප්‍රවාහන අමාත්‍යාංශය හා පොලිසිය එක්ව මෙම පරීක්ෂණ කටයුතු සිදු කරන බවද ගාමිණී ජාසිංහ වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
2026 ජනවාරි 26, පෙ.ව. 12:20
2026 ජනවාරි 26, පෙ.ව. 12:20
2026 ජනවාරි 26, පෙ.ව. 12:17
2026 ජනවාරි 26, පෙ.ව. 12:16
2026 ජනවාරි 26, පෙ.ව. 12:05
26-01-26
26-01-26
25-01-26
25-01-26
25-01-26
25-01-26
25-01-26
25-01-26
25-01-26
25-01-26
25-01-26
25-01-26
25-01-26
25-01-26
25-01-26
25-01-26
24-01-26
24-01-26
24-01-26
24-01-26
24-01-26
24-01-26
24-01-26
24-01-26