hit counter

2026 සැප්‍තැම්‍බර් මස 06 වන ඉරිදා

2026 මාර්තු 13, පෙ.ව. 12:07



මැදපෙරදිග කලාප​යේ ඇති වී තිබෙන යුදමය තත්ත්වය තවදුරටත් දරුණු වී ගියහොත් මෙරට ගෑස් මිල ගණන් තවදුරටත් ඉහළ දැමීමට සිදුවන බව ගෑස් සමාගම් දෙකෙහි ඉහළ නිලධාරීහු කියා සිටිති.

මේ වන විට ලෝකයේ රටවල් කිහිපයකම ඉන්ධන මිල ගණන් ඉහළ දමා තිබෙන අතර පාකිස්ථානය එරට පාසල් සති දෙකකට වසා දමා කාර්යාල සේවා කටයුතු නිවසේ සිට කිරීමට දැනටමත් තීන්දුවක් ගෙන ඇතැයිද ඔවුහු පවසති.

මැදපෙරදිග කලාපයේ යුදමය තත්ත්වය මත ඉන්ධන හා ගෑස් මිල ගණන් නිතරම උච්චාවචනය වන බවත් මැදපෙරදිග ප්‍රදේශයෙන් ලැබෙන තෙල් හා ගෑස් සැපයුම අඩාළවීම නිසා ලෝක වෙළෙඳපොළ තත්ත්වයන්ට එය තදබල ලෙස බලපෑම් එල්ල කරන බවද ඔවුහු කියා සිටිති.

ලිට්‍රෝ ගෑස් මිල ගණන් ඉහළ දැමීමට ගත් පියවරට අනුව ලාෆ් මිල ගණන්ද සංශෝධනයකට ලක් කළ යුතු බවත් දැනට පවතින තත්ත්වයන් අධ්‍යයනයට ලක්කරමින් සිටින බවද එහි ප්‍රධානීහු පවසති.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: