hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2023 මැයි 11, පෙ.ව. 11:51



රියැදුරු බලපත්‍ර නොමැතිව කොළඹ සිට අනුරාධපුරය බලා ධාවනය කළ ලංගම බස් රථයක් ඊයේ පස්වරු 2.30 ට පමණ කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ පස්යාල රදාවඩුන්න ප්‍රදේශයේදී නිට්ටඹුව පොලිස් රථවාහන අංශය විසින් අත්අඩංගුවට ගැනුණා.

අත්අඩංගුවට ගත් බස්රථය ජාඇල ඩිපෝවට අයත් එකක් වෙනවා.

කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ කොළඹ දෙස සිට නුවර දෙසට අපරික්ෂාකාරී ලෙස ධාවනය කරමින් තිබූ ලංගම බස්රථය නිට්ටඹුව පොලිස් රථවාහන අංශයේ නිලධාරීන් විසින් පස්යාල රදාවඩුන්න ප්‍රදේශයේදී නවතා පරීක්ෂා කිරීමේදී එම ලංගම බස්රථ රියැදුරුට රියැදුරු බලපත්‍ර නොමැති බවට අනාවරණය වීමෙන් පසුව බස් රථය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බස්රථය අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ එහි බොහෝ මගීන් ප්‍රමාණයක් ගමන් කරමින් සිටි අතර ඔවුන් වෙනත් බස්රථයකට යොමු කිරීමට කටයුතු කෙරුණා.

නිට්ටඹුව පොලිස් රථවාහන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක මදුරප්පෙරුම මහතාගේ උපදෙස් මත පො. සැ. (44181) කුමාරසිංහ සහ පො.කො. (78432) කරුණාරත්න යන නිලධාරීන් විසින් බස්රථය අත්අඩංගුවට ගැනුණා.