hit counter

2024 සැප්‍තැම්‍බර් මස 19 වන බ්‍රහස්පතින්දා

2024 සැප්‍තැම්‍බර් 18, පෙ.ව. 12:04



එළඹෙන ජනාධිපතිවරණය සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට ගමන් ගන්නා මගීන් සඳහා විශේෂ ලංගම බස් රථ සේවාවක් ක්‍රියාත්මක කර තිබෙනවා.

ඡන්දය ප්‍රකාශ කිරීමට ගම්බිම් බලා යන ජනතාවගේ පහසුව සඳහා අවශ්‍ය වුවහොත් දුර ගමන් සේවාවලට අතිරේක ලංගම බස් රථ යොදවන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ශෂී වෙල්ගම මහතා පවසනවා.

මෙයට අමතරව පෞද්ගලික බස් රථ සේවකයන් ඡන්දය දීමට යන බැවින් අමතර බස් රථ සේවා නොපැවැත්වෙන බවත් කෙටි ගමන් සේවා සීමිත ප්‍රමාණයක් ධාවනය කෙරෙන බවත් පෞද්ගලික බස්රථ සංගම් සඳහන් කළා.

එහෙත් අතිරේක දුම්රිය සේවාවන් පැවැත්වීමට දැනට තීරණයක් ගෙන නොමැති බවත් සතියේ දිනවල හා සතිඅන්ත දිනවල මෙන් සාමාන්‍ය පරිදි දුම්රිය ධාවනය වන බවටත් වාර්තා වනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: