hit counter

2025 අප්‍රේල් මස 02 වන බදාදා

2025 අප්‍රේල් 02, පෙ.ව. 12:22



මෙවර මාසික ඉන්ධන මිල සංශෝධනයේදී ඩීසල් මිල පහළ යාමක් බලාපොරොත්තු වුවද එය සිදු නොවූ බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සඳහන් කරයි.

එහි සභාපති ගැමුණු විජේසූරිය මහතා සඳහන් කර පවසන්නේ ඒ අනුව එළැඹෙන බස් ගාස්තු සංශෝධනයේදී අනිවාර්යෙන්ම බස් ගාස්තු වැඩි කිරීම සිදුවනු ඇති බවය.

දැනටමත් බස් රථ සඳහා රුපියල් තුනක පාඩුවක් ලබමින් ධාවනය කරන බවද ඊට අමතරව රජය විසින් පනවා ඇති නව බදු අනුපාතයන් යටතේ බස් රථවල මිලද ඉහළ ගොස් ඇති බවත් වැට් බදු ද බස් රථ සඳහා එකතු කර ඇති බවත් ඒ අනුවද බස් ගාස්තු වැඩි කිරීමක් අනිවාර්යෙන්ම සිදු කළ යුතු ඇති බවත් කියා සිටියේය.

අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පළ කරන ලදී.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: