2025 ජූනි 29, පෙ.ව. 12:02
ආරක්ෂක බද පටි නොපළදින මගී ප්‍රවාහන බස් රථ රියදුරන්ට එරෙහිව එළඹෙන ජූලි 1වැනිදා සිට නීතිය ක්‍රියාත්මක කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා.
එමෙන්ම රථ වාහනවල සවි කර ඇති අත්‍යාවශ්‍ය නොවන අමතර කොටස් ඉවත් කිරීමද එළඹෙන ජූලි 1වැනිදා සිට ක්‍රියාත්මක වන බවයි ශ්‍රී ලංකා පොලිසිය සදහන් කළේ.
දිනෙන් දින ධාවනයට එක්වන රථවාහන සංඛ්‍යාවත් සමග මෙරට, රථ වාහන අනතුරුවලින් සිදු වන ජීවිත හානි ප්‍රමාණයද ඉහළ යමින් පවතිනවා.
ශ්‍රී ලංකා පොලිසිය සදහන් කළේ පසුගිය වසරවලට සාපේක්ෂව,මෙම වසරේ පළමු මාස 6 තුළසිදු වූ රිය අනතුරු ප්‍රමාණය ඉහළ ගොස් ඇති අතර ඒ අනුව මෙම වසරේ ගතවූ කාල සීමාව තුළ සිදුවූ රිය අනතුරු 1219කින් පුද්ගලයින් 1290ක් මිය ගොස් ඇති බවටයි.
මේ හේතුවෙන් රථ වාහන අනතුරු වළක්වාලීමට අදාළ වැඩසටහනක් ශ්‍රී ලංකා පොලිසිය සහ ජාතික ගමනාගමන කොමිෂන් සභාව එක්ව සූදානම් කර තිබෙනවා.
ඒ අනුව මගී ප්‍රවාහන බස් රථ සේවාවන්හි නිරතවන, ආරක්ෂක බද පටි නොපළිදන රියදුරන්ට එරෙහිව එළඹෙන ජූලි 1වැනිදා සිට නීතිය ක්‍රියාත්මක කරන බවද ජාතික ගමනාගමන කොමිෂන් සභාව සදහන් කළා.
ශ්‍රී ලංකා පොලිසිය සදහන් කළේ එමෙන්ම රථ වාහනවල සවි කර ඇති අත්‍යාවශ්‍ය නොවන අමතර කොටස් ඉවත් කිරීමද එළඹෙන ජූලි 1වැනිදා සිට ක්‍රියාත්මක වන බවයි.
2025 ජූනි 29, පෙ.ව. 12:21
2025 ජූනි 29, පෙ.ව. 12:17
2025 ජූනි 29, පෙ.ව. 12:10
2025 ජූනි 29, පෙ.ව. 12:09
2025 ජූනි 29, පෙ.ව. 12:08
29-06-25
29-06-25
27-06-25
27-06-25
26-06-25
26-06-25
26-06-25
26-06-25
26-06-25
26-06-25
26-06-25
26-06-25
25-06-25
25-06-25
25-06-25
25-06-25
25-06-25
25-06-25
25-06-25
25-06-25
25-06-25
25-06-25
24-06-25
24-06-25