2025 දෙසැම්‍බර් 19, පෙ.ව. 12:14
ලංකාවේ මෙන්ම ලෝක වෙළඳපොලේ ජනප්‍රියතම විද්‍යුත් වාහන සන්නාමය වන BYD සමාගම, තුන්වන මට්ටමේ (L3) ස්වයංක්‍රීය රිය පැදවීමේ පද්ධති සහිත මෝටර් රථ නිෂ්පාදනය සඳහා අත ගසා තිබේ.
විදෙස් වාර්තා අනුව, චීන රජය මෙම තාක්ෂණය නියාමනය කිරීමට පියවර ගැනීමෙන් පසුව BYD සමාගම මෙම තීරණයට එළඹ ඇත. BYD සමාගම, මූලස්ථානය පිහිටි ශෙන්සෙන් හි බලධාරීන් සමඟ එක්ව,මෙය මහා පරිමාණ නිෂ්පාදනයට පෙර සමහර මෝටර් රථ පරීක්ෂා කිරීමට ආරම්භ කර ඇති බවද වාර්තා වේ.
සමාගම තහවුරු කළේ,මෙය L3 පරීක්ෂණවල දී කිලෝමීටර් 150,000 ට වඩා වැඩි දුර දැනටමත් සම්පූර්ණ කර ඇති බවයි. එසේම, චීන කර්මාන්ත හා තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශය (MIIT) විසින් L3 තාක්ෂණය සහිත වාහන නිෂ්පාදනය සඳහා මෝටර් රථ නිෂ්පාදකයන් දෙදෙනෙකුට බලපත්‍ර ලබා දීමෙන් පසු දිනයක BYD සමාගම මෙම පුවත වාර්තා කරයි. L3 තාක්ෂණය අත් භාවිතයෙන් තොර (hands-off) ස්වයං-රිය පැදවීම ලෙස සැලකේ.
මෙය මඟින් මෝටර් රථවලට තනිවම ගමන් කිරීමට ඉඩ සලසන අතර, කිසියම් තත්වයක් යටතේ රියදුරන්ගේ මැදිහත්වීමක් අවශ්‍ය විය හැකි බැවින්, රියදුරන් සම්පූර්ණ අවධානයෙන් සිටිය යුතුය.
අනෙක් මට්ටමක් වන L5 තාක්ෂණය, හෙවත් සම්පූර්ණ ස්වයංක්‍රීය රිය පැදවීම, කිසිදු තත්වයක් යටතේ මානව මැදිහත්වීමක් අවශ්‍ය නොවන වාහනයක් ලෙස සැලකේ.මෙය සාර්ථක වුවහොත් තාක්ෂණයේ විශාල පෙරළියක් සිදුවනු ඇත.
2025 දෙසැම්‍බර් 19, පෙ.ව. 12:20
2025 දෙසැම්‍බර් 19, පෙ.ව. 12:19
2025 දෙසැම්‍බර් 19, පෙ.ව. 12:17
2025 දෙසැම්‍බර් 19, පෙ.ව. 12:17
2025 දෙසැම්‍බර් 19, පෙ.ව. 12:16
18-12-25
18-12-25
18-12-25
18-12-25
18-12-25
18-12-25
18-12-25
18-12-25
18-12-25
18-12-25
17-12-25
17-12-25
17-12-25
17-12-25
17-12-25
17-12-25
17-12-25
17-12-25
17-12-25
17-12-25
16-12-25
16-12-25
16-12-25
16-12-25