2025 අගෝස්‍තු 06, පෙ.ව. 12:18
මෝටර් ධාරිතාව සම්බන්ධයෙන් ප්‍රශ්නකාරී තත්ත්වයක් ඇතිවී රදවාගෙ තිබෙන හා මුදා හැර ඇති BYD මෝටර් රථවල ඇති වී තිබෙන මෝටර් ධාරිතාව සම්බන්ධයෙන් රේගුව ඉදිරියේදී ක්‍රියාමාර්ගයක් ගනු ඇති බව මුදල් නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත මහතා සඳහන් කරයි.
රේගුවෙන් වාහනයක් නිදහස් කරන්නේ නිදහස් කරමින් පසුව වුවද විගණනය කිරීමට යටත්ව බවත් හෙතෙම කියා සිටී.
ඒ අනුව යම් වරදක් සිදුවී තිබෙන්නේ නම් එහි හිඟ බදු මුදල ගෙවිය යුතුවනු ඇති බවද පැවසූ ඔහු ආනයනකරුවා ලෙස එහිදී මැදිහත් වී ඇත්තේ සමාගමක් හෙයින් එම සමාගම එය දැරිය යුතුව ඇති බවද කියා සිටියේය.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් නැති බවත් මේ වන විට එහි පරීක්ෂණ කෙරෙමින් පවතින බවත් ඉක්මනින්ම එහි ප්‍රතිඵල දැනගත හැකි හැකි බවත් හෙතෙම පැවසුවේය.
2025 අගෝස්‍තු 06, පෙ.ව. 12:26
2025 අගෝස්‍තු 06, පෙ.ව. 12:22
2025 අගෝස්‍තු 06, පෙ.ව. 12:15
2025 අගෝස්‍තු 06, පෙ.ව. 12:10
2025 අගෝස්‍තු 06, පෙ.ව. 12:06
06-08-25
06-08-25
06-08-25
06-08-25
05-08-25
05-08-25
05-08-25
05-08-25
05-08-25
05-08-25
04-08-25
04-08-25
04-08-25
04-08-25
04-08-25
04-08-25
04-08-25
04-08-25
04-08-25
04-08-25
03-08-25
03-08-25
03-08-25
03-08-25