2026 පෙබරවාරි 20, පෙ.ව. 10:45
වර්තමානය වනවිට සුනඛයින්ට අමතරව, බළලුන් සපාකෑම් ප්‍රමාණය බෙහෙවින් ඉහළ ගොස් ඇති බවත් ජලභීතිකාව මාරාන්තික රෝගයක් බැවින් කිසිදු ප්‍රමාදයකින් තොරව ප්‍රතිකාර ගත යුතු බව ප්‍රජා වෛද්‍ය විශේෂඥ අතුල ලියනපතිරණ (18) පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කරයි.
පසුගිය වසරේ සිදුව ඇති මරණ ගැන සලකා බැලුව හොත් බහුතරයක් සිදුව ඇත්තේ නිවෙස්වල සුරතලේට ඇති කරන සතුන් හේතුවෙන් බවද ප්‍රජා වෛද්‍ය විශේෂඥ අතුල ලියනපතිරණ සඳහන් කරයි.
ප්‍රජා වෛද්‍ය විශේෂඥ අතුල ලියනපතිරණ සඳහන් කළේ,
“අපගේ බලාපොරොත්තුව 2030 වන විට ජලභීතිකා රෝගයෙන් මිය යන රෝගීන් සංඛ්‍යාව බිංදුව කිරීම. රෝග ලක්ෂණ පහළ වුවොත් එය 100% ක්ම මාරාන්තිකයි.
අපි නිසි ක්‍රියා මාර්ග, නිසි වෙලාවට ගත්හොත් මෙම රෝගය මුළුමනින්ම පාහේ වළක්වා ගත හැකියි. පසුගිය වසරේ දී ජලභීතිකා රෝගය නිසා මරණ 14ක් සිදුව තිබෙනවා.
මරණ වලින් වැඩි ප්‍රමාණයක් සිදුව තිබෙන්නේ සුනඛ සපා කෑම් හේතුවෙන්.
බළලුන් සපා කෑම හේතුවෙන් එක් මරණයක් සිදුව තිබෙනවා. දැන් බළලුන් සපා කෑම් ප්‍රමාණය ද ඉතා විශාල ලෙස ඉහළ ගිහින් තියෙනවා.
විශේෂයෙන්ම කොළඹ, ගම්පහ වගේ දිස්ත්‍රික්කවල දකින්න ලැබී තිබෙනවා බළලුන් අතරේ ජලභීතිකාව ඉහළ යෑමක්. අනික බළලුන්ගේ සීරීමකුත් සපා කෑමක් තරමටම දරුණුයි.
මොකද ආසාදිත සතෙකුගේ ඛේටය අපේ හම හරහා ඇතුළු වුනාම තමයි බොහෝ විට මෙම රෝගය බෝ වෙන්නේ. ඊට අමතරව අපේ ශ්ලේෂ්මල පටල, අපේ ඇස්, කට, මුව, නාසය, ලිංග ප්‍රදේශය, ශ්ලේෂ්මල පටල හරහා තුවාලයක් නැතුව වුනත් මේ වෛරසයට අපේ ඇඟට ඇතුල් වෙන්න පුළුවන්.
සම මත තියෙන තුවාල සතුන් ලෙව කෑවොත් ඒත් අපිට මේ රෝගය ඇති වෙන්න පුළුවන්. සතෙක් හැපුවොත්, සීරුවොත් නැත්නම් මම සඳහන් කළ පරිදි අපේ තුවාලයක් සතෙක් ලෙව කෑවොත් වහාම ගලා යන ජලයෙන් සබන් දාලා මිනිත්තු 15ක් සේදිය යුතුයි.
ඊට පස්සේ අපි ළඟ තියෙනවා නම් සර්ජිකල් ස්පිරිට්තු. අපි කියනවා 70% මධ්‍යසාර දියරය. එහෙම නැත්නම් අයිඩීන් තිබෙනවා නම්, සෝදලා ඉවර වෙලා ඒකත් යොදලා වහාම තුවාලේ පිරිසිදු කරන්න.
පසුව වහාම ළඟම තියෙන රෝහලට ප්‍රතිකාර සඳහා යොමු වෙන්න. තමුන්ගේ සුනඛයෙක් තව කෙනෙක්ව සපා කෑවොතින් පූර්ණ වගකීම පැවරෙන්නේ සුනඛයාගේ අයිතිකරුට. ඒක නීතිමය වගකීමක්.
මේ වෛරසය ගමන් කරන්නේ ලේ වලින් නෙමෙයි. මේ වෛරසය ගමන් කරන්නේ ස්නායු හරහා. බල්ලෝ, පූසෝ, නරි, ලේන්නු, දඬුලේන්නු, උගුඩුවෝ, මුගටි, හරක්, අශ්වයෝ මේ ඕනෑම සතෙක් සපා කෑමෙන් බෝ වෙන්න පුළුවන්. ඌරු මීයෝගෙනුත් අනිවාර්යෙන් ජලභීතිකාව බෝ වෙන්න පුළුවන්.”
2026 පෙබරවාරි 20, ප.ව. 12:20
2026 පෙබරවාරි 20, පෙ.ව. 11:24
2026 පෙබරවාරි 20, පෙ.ව. 9:12
2026 පෙබරවාරි 20, පෙ.ව. 9:03
2026 පෙබරවාරි 20, පෙ.ව. 12:35
17-02-26
17-02-26
31-01-26
31-01-26
15-01-26
15-01-26
12-01-26
12-01-26
23-12-25
23-12-25
16-12-25
16-12-25
12-12-25
12-12-25
18-10-25
18-10-25
26-06-25
26-06-25
01-10-24
01-10-24
16-09-24
16-09-24
06-06-24
06-06-24