2023 අප්‍රේල් 21, ප.ව. 3:09
යළිත් විදුලි කප්පාදුවකට යෑමේ අවදානමක් මතුව ඇතැයි විදුලිබල මණ්ඩල ආරංචි මාර්ග පවසනවා.
නියඟය දරුණු අතට පත්වීමත්, මේ දිනවල පවතින දැඩි උණුසුමත් සමග දෛනික විදුලි ඉල්ලුම ඉහළ යමින් පවතින තත්ත්වය ඊට හේතුවී තිබෙනවා.
සාමාන්‍ය දිනවල මෙරට දෛනික විදුලි ඉල්ලුම ගෙගාවොට් පැය 40 ක් මට්ටමේ පැවතියත් ඊයේ (20) වනවිට දෛනික විදුලි ඉල්ලුම ගෙගාවොට් පැය පනහ දක්වා වැඩිවී තිබුණා.
මේ වනවිට රටේ පවතින විදුලි ඉල්ලුම සපුරාලීම සඳහා විදුලිබල මණ්ඩලය සතු සියලු බලාගාර හා පෞද්ගලික බලාගාරවලින්ද විදුලිය මිලදි ගෙන පවතින බවයි වාර්තා වන්නේ.
අවස්ථා දෙකකදී විදුලි ගාස්තු ඉහළ දැමීමත් සමඟ විදුලි ඉල්ලුමේ සැලකිය යුතු පහළ යෑමක් සිදුවුවත් මේ වනවිට රටේ විදුලි ඉල්ලුම පෙර පරිදි සාමාන්‍ය අතට පත්වී තිබෙනවා.
මේ අතර විදුලි බල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා ද සඳහන් කර ඇත්තේ මෑත කාලයේදී වාර්තා වූ ඉහළම දෛනික විදුලි ඉල්ලුම පෙරේදා (19) වාර්තා වූ බවයි. ඒ ගෙගාවොට් පැය 49.53 ක්.
ඊයේ (20) දෛනික විදුලි ඉල්ලුම ගෙගාවොට් පැය 50 ක් වනු ඇතැයි පුරෝකථනය කර තිබූ ඇමැතිවරයා සියලුම විදුලි බලාගාර මගින් ජනනය කරන විදුලිය පද්ධතියට එක්කර ඇතැයි සඳහන් කරනවා.
ඉදිරි දින කිහිපයේදී ජල විදුලි නිෂ්පාදනය පහත වැටී විදුලි ඉල්ලුම මෙලෙස පැවතියහොත් විදුලි කප්පාදුවක් කරා යළිත් යෑමට සිදුවන බව ලංවිම උසස් නිලධාරීන් සඳහන් කළා.
කෙසේ වෙතත් දෛනික විදුලි ඉල්ලුම ඉහළ ගොස් තිබුණත් විදුලි කප්පාදුවකට යෑමට තීරණයක් ගෙන නොමැති බවයි ලංවිම සභාපති නලින්ද ඉලංගකෝන් මහතා පවසන්නේ.
දැනට විදුලි ඉල්ලුම සැපයුම කළමනාකරණය කර ගනිමින් අඛණ්ඩව විදුලි බලය ලබාදෙන බව ද ඔහු සඳහන් කළා.
2024 දෙසැම්බර් 31, පෙ.ව. 12:10
2024 දෙසැම්බර් 31, පෙ.ව. 12:09
2024 දෙසැම්බර් 31, පෙ.ව. 12:07
2024 දෙසැම්බර් 31, පෙ.ව. 12:06
2024 දෙසැම්බර් 31, පෙ.ව. 12:06