2025 දෙසැම්‍බර් 27, පෙ.ව. 12:34
පසුගියදා ආපදාවට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය පිළිබඳ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු ප්‍රධානි අතුල කරුණානායක අනතුරු ඇඟවූ බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පවසයි.
ඔහු මේ බව ප්‍රකාශ කළේ පසුගියදා සිරස සටන වැඩසටහනට එකතු වෙමිනි.
එහි දී සිරස මාධ්‍යවේදිනී ඔමායා කෝවිලගොඩගේ අවධාරණය කළේ එවැනි අනතුරු ඇඟවීමක් තමන් නොදුටු බවත් එහෙයින් එවැන්නක් සිදු නොවූ බවත්ය.
කෙසේ වුව ද ඊට අදාළ ප්‍රවෘත්තිය සිරස නාලිකාවේ ගිය වීඩියෝ පටය පෙන්වීමට මුජිබර් රහුමාන් සූදානම් වුව ද සටන වැඩසටහනේ නිවේදකයන් ඊට විරුද්ධ විය.
එහි දී ඔමායා කෝවිලගොඩගේ වැඩි දුරටත් ප්‍රශ්න කළේ එවැනි ප්‍රවෘත්තියක් විපක්ෂය දුටුවේ නම් ආණ්ඩුව ඒ ගැන ජනතාව දැනුම්වත් නොකළේ නම් විපක්ෂය ජනතාව දැනුමවත් කිරීමට කටයුතු නොකළේ ඇයි ද කියාය.
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:18
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:17
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:13
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:12
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:11