hit counter

2026 මාර්තු මස 24 වන අඟහරුවාදා

2026 මාර්තු 24, පෙ.ව. 9:40



සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 175 කට වඩා වැඩි ගණනකින් ඉහළ ගොස් ඇතැයි සංස්ථා සිමෙන්ති සමාගම පවසයි.

මීට සමගාමීව සෙසු සිමෙන්තිවල මිල ගණන්ද වැඩි වී ඇත.

මෙතෙක් සංස්ථා සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 1750 ක මිලකට අලෙවි වූ බවත්, මින් පසු 1925 දක්වා වැඩිවනු ඇති බවත් එම සමාගම කියයි. එහෙත් සිල්ලර වෙළෙඳුන් විවිධ මිල ගණන්වලට සිමෙන්ති අලෙවි කරන බවත්, ඒ අනුව සිල්ලරට මිලදී ගැනීමේදී සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 1950 ක් පමණ වනු ඇති බවත් ද එහි ප්‍රකාශකයෙක් පැවසීය.

මේ අතර මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රය බරපතළ අර්බුදයකට ගොස් ඇතැයි ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමයේ සභාපති එම්. ඩරින්ටන් පෝල් පවසයි.

මේ පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන වහාම වැඩපිළිවෙළක් සැකසීමට රජය පියවර ගත යුතු බවද ඔහු කියා සිටී. පවතින යුදමය තත්ත්වය නිසා මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රය මෙලෙස කඩා වැටී ඇතැයිද ඔහු කියා සිටී.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: