hit counter

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

2025 සැප්‍තැම්‍බර් 03, පෙ.ව. 9:32



මේ ආණ්ඩුව ගෙදර යවන්න මොකා වුණත් කමක් නෑ ඒකට අපි කාට වුණත් උදව් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක සඳහන් කරයි.

මන්ත්‍රී චාමර සම්පත් දසනායක සඳහන් කළේ,

“මේ රටේ එක්සත් ජාතික පක්ෂය කින්නේ දැවැන්ත පක්ෂයක්. දැවැන්ත ජන්ද තියෙන පක්ෂයක්. ඕගොල්ලෝ එකතු වෙන්න. ඕගොල්ලෝ එකතුවෙලා කතා කරන්න අපි පුට්බෝඩ් එකේ හරි නගින්නම්.

නැත්තම් අපි එළියේ ඉන්නම්, අපි දේශපාලනය නොකර ඉන්නම් ඕගොල්ලෝ එකතුවෙලා ආණ්ඩුවක් හදන්න. අපි දේශපාලනය නොකර හිටියත් කමක් නෑ.

ඒකට හේතුව තමයි මේ ආණ්ඩුව ගෙදර යවන්න මොකා වුණත් කමක් නෑ අපිට ඒ ගෙදර යවන ඒකට අපි කාට වුණත් උදව් කරනවා. නැතුව වෙන කිසිම ප්‍රශ්නයක් නෑ.”

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 74 වන සංවත්සර සමරමින් පක්ෂ මුලස්ථානයේ පැවති සමරු උත්සවයක් අමතමින් මන්ත්‍රී චාමර සම්පත් දසනායක මේ බව සඳහන් කරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: