hit counter

2024 ඔක්‍තෝබර් මස 18 වන සිකුරාදා

2024 ජූනි 13, ප.ව. 6:18



අතීතයේ දී ප්‍රචණ්ඩකාරී දේශපාලන ක්‍රියාකාරකම්වල නිරත වූ දේශපාලන කණ්ඩායම් යලිත් වරක් එවැනි ක්‍රියාකාරකම්වල නිරත නොවනු ඇති බවට විශ්වාස කළ නොහැකි බව හිටපු පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු පවසනවා.

හිටපු පොලිස්පතිවරුන් සහ හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරුන් සහභාගී වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් ඔහු මේ බව පැවසුවා.

1971 වසරේ පැවැති කැරැල්ලෙන් පසු විශාල පුනරුත්ථාපනය කිරීමක් රජය විසින් සිදුකල බවත් එහිදි සෑම අයෙකුම කැරැල්ල අවසන් වෙයි කියා සිතූ නමුත් 1989 දී නැවත වරක් මෙවැනි ප්‍රචණ්ඩකාරී ක්‍රියාවක් ඇතිව මෙරට දේපළ සහ ජීවිත විශාල ප්‍රමාණයක් විනාශ වූ බවත් ඔහු පවසනවා.

ඊට පසුවද මෙවැනි ප්‍රචණ්ඩකාරී ක්‍රියාවන් නැවතෙන බව සිතූ නමුත් අවාසනවකට 2022 වසරේදීත් එවැනිම සිද්ධියක් ඇති වූ බවත් එහිදි නිවාස 91ක් එක රැයකදි ගිනිබත් කිරීමට තරම් සංවිධානය වූ පිරික් බව පෙනී ගිය හෙයින් ඉදිරියේදී ද මෙවැනි ප්‍රචණ්ඩකාරී සිදුවීම් සිදු නොවිය හැකි යැයි අපේක්ෂා කල නොහැකි බවත් ඔහු පවසනවා.

මෙම මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින් හිටපු පොලිස් අධිකාරී නොර්ටන් ද සිල්වා පවසන්නේ කීර්තිමත් නිලධාරීන් කිහිප දෙනෙකු එකතු වී සංවිධානයක් නිර්මාණය කරමින් එක්තරා පක්ෂයකට බැදි සිදුකරන්නට යන දේ තුලින් විශ්‍රාමික පොලිස් නිලධාරීන්ට අවමානයක් සිදුකරන බවයි.

Example Image