hit counter

2025 මාර්තු මස 12 වන බදාදා

2023 මාර්තු 10, ප.ව. 3:41



ශ්‍රී  ලංකාවේ පොර කුකුළන් ප්‍රදර්ශනයක් පෙරේදා (08) කාත්තාන්කුඩියේදී පැවැත්වුණා.

පශු සම්පත් සංවර්ධන දෙපාර්තමේන්තුවේ මඟපෙන්වීම යටතේ මෙම ප්‍රදර්ශනය පැවැත්වුණා.

සමස්ත ශ්‍රී  ලංකා පොර කුකුළු ඇතිකරන්නන්ගේ සංගමය විසින් සංවිධානය කරන ලද මෙම ප්‍රදර්ශනය සඳහා දිවයින පුරා 45කට අධික පොර කුකුළන් ඇතිකරන්නන් විසින් කුකුළන් 60ක් ඉදිරිපත් කර තිබුණා.

එම සංගමයේ සභාපති වසීම් මර්සූක්, ලේකම් අනීස් අබුබකර්, පශු සම්පත් සංවර්ධන දෙපාර්තමේන්තුව භාර ආචාර්ය එස්.ඩී. මාහීර් ඇතුළු පිරිසක් මෙම ප්‍රදර්ශනයට එක්ව සිටියා.

සහභාගිවූවන් හා කුකුළන් සඳහා පදක්කම් ප්‍රදානය කිරීමක්ද සිදු වුණා.