hit counter

2024 දෙසැම්‍බර් මස 21 වන සෙනසුරාදා

2024 මැයි 31, පෙ.ව. 12:02



ශ්‍රී ලංකාවේ දිළිඳුකම පසුගිය 2019 වසරේ 15%ක්ව තිබුණු අතර එය මේ වනවිට 26%ක් දක්වා වැඩි වී ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සදහන් කරයි.

ආදායම් මාර්ගයක් නැති, අධ්‍යාපන පහසුකම් නැති කොටසක් රටේ සිටින බවත් 2032 වන විට එය 10%ක් දක්වා අඩු කර ගැනීමට එකඟ වෙලා තිබෙන බවද ජනාධිපතිවරයා සදහන් කරයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් සදහන් කළේ,

” මේ රටේ ජනතාව විදි දුක පිළිබඳ මට අවබෝධයක් තිබෙනවා. 2019 වසරේ 15%ක්ව තිබූ මේ රටේ බහුමාන්‍ය දිළිදුකම අද 26%ක් දක්වා වැඩි වී තිබෙනවා. ආදායම් මාර්ගයක් නැති, අධ්‍යාපන පහසුකම් නැති කොටසක් සිටිනවා. 2032 වන විට එය 10%ක් දක්වා අඩු කර ගැනීමට ඒ අනුව අප දැන් එකඟ වෙලා තිබෙනවා.

එය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය කොන්දේසිවල ඇතුළත් වෙලා තිබෙනවා. ඒ නිසා අප මෙම වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යා යුතුයි. මෙම බහුමාන්‍ය දිළිදුභාවයට විසදුම් ලබාදීම වෙනුවෙන් තමයි අපි උරුමය සින්නක්කර ඉඩම් අයිතිය ලබාදීම වැනි වැඩසටහන් ක්‍රියාත්මක කළේ.

ඒ වගේම කොළඹ තට්ටු නිවාසවල අයිතියත් එම පදිංචිකරුවන්ට ලබාදීමට අප කටයුතු කරනවා. වත්කමක් නැති ජනතාව වෙනුවෙන් එම වත්කම ලබාදීමට පියවර ගෙන තිබෙනවා. ඒ නිසා අප අලුතින් සිතිය යුතුයි.”

“ලෙස්ලි දේවේන්ද්‍ර සිංහාවලෝකනය” මැයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවති උත්සවයට එක් වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සදහන් කරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: