2024 අගෝස්තු 06, පෙ.ව. 12:07
පිරිපහදු නොකරන ලද පොල්තෙල් (Crude Oil) ආනයනකරුවන්ගෙන් කිලෝවකට අය කෙරෙන සමාජ දායකත්ව ආරක්ෂණ බද්ද (SSCL) රුපියල් පහකින් ඉහළ දමා, මෙරටදී එම පොල්තෙල් පිරිපහදු කිරීමේදී අය කරන වැට් බද්ද ඉවත් කිරීම සම්බන්ධව රජයේ අවධානය යොමුවී ඇත.
මේ අනුව, පිරිපහදු නොකරන ලද පොල්තෙල් ආනයනයේදී වරායේදී කිලෝවකට රුපියල් 125 ක් දැනට අය කෙරෙන අතර, ඉදිරියේදී එය රුපියල් 130 ක් දක්වා ඉහළ දැමීමට නියමිතය.
එමෙන්ම, පිරිපහදු කරන ලද පොල්තෙල් ආනයනයේදී කිලෝවකට අය කෙරෙන රුපියල් 150 ක සමාජ ආරක්ෂණ බද්ද තවත් රුපියල් 10 කින් ඉහළ දැමීමටද මුදල් අමාත්‍යාංශයේ ඉකුත් සිකුරාදා (02 වැනිදා) පැවැති සාකච්ඡාවකදී කතා බහට ලක්ව තිබේ. මේ අනුව, පිරිපහදු කරන ලද පොල්තෙල් ආනයනයේදී කිලෝවකට අයකරන සමාජ ආරක්ෂණ බද්ද රුපියල් 160 ක් දක්වා ඉහළ යන්නේය.
පිරිපහදු නොකරන ලද පොල්තෙල් ආනයනයේදී කිලෝවකට අය කරන රුපියල් 125 ක සමාජ දායකත්ව ආරක්ෂණ බද්දට අමතරව, රට තුළදී පොල්තෙල් පිරිපහදු කිරීමෙන් පසුවද වැට් බද්දක් ගෙවීමට සිදුවීම හේතුවෙන් පොල්තෙල් පිරිපහදු කරන කර්මාන්තශාලා 09 න් 07 ක්ම මේ වනවිට වැසී ගොස් ඇත. වෙළෙද පොළේ පොල්තෙල් බෝතලයක මිලද රුපියල් 540 ක් දක්වා ඉහළ ගොස් තිබේ. කර්මාන්තශාලා වැසීයාම නිසා 15,000 කගේ පමණ රැකියා සම්බන්ධ අවිනිශ්චිතතාවක්ද මතුවී ඇත.
පිරිපහදු කරන ලද පොල්තෙල් ආනයනකරුවන්ගෙන් වැට් බදු අය නොකිරීම නිසා ඔවුන් වෙළෙඳුන් සමග එක්ව පොල්තෙල් තොග සඟවා මිල ඉහළ දැමීමේ ජාවාරමක් ක්‍රියාත්මක කරන බවටද තොරතුරු අනාවරණය වේ.
කෙසේ නමුත්, ඉහළ යන පොල්තෙල් මිල පාලනය කිරීම සඳහා රට තුළදී පොල්තෙල් පිරිපහදුකරුවන්ගෙන් වැට් බද්දක් අය නොකර ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයේදී ඉකුත් සිකුරාදා සාකච්ඡා කර ඇත. මෙම අවස්ථාවට කෘෂිකර්ම අමාත්‍යාංශය, පොල් සංවර්ධන අධිකාරිය, පොල් පර්යේෂණායතනය ඇතුළු ආයතන කීපයකින් නිලධාරීන් සහභාගිවී ඇත.
පිරිපහදු නොකරන ලද පොල්තෙල් සහ පිරිපහදු කරන ලද පොල්තෙල් ආනයනය කිරීමේදී අය කරන සමාජ දායකත්ව ආරක්ෂණ බද්දේ පරාසය වැඩිකිරීමේ අවසන් තීරණය ගන්නා ලෙස පොල් සංවර්ධන අධිකාරියේ සභාපති මහාචාර්ය රොෂාන් පෙරේරාට මෙහිදී දැනුම්දී ඇතැයි පැවසේ.
මේ අතර, මීට සති දෙකකට පමණ ඉහතදී කැබිනට් මණ්ඩලයේදී ජනාධිපතිවරයා වෙළෙඳ ඇමැතිවරයාට කියා සිටියේ රට තුළදී පොල්තෙල් පිරිපහදු කරන පිරිසගෙන් අය කරන වැට් බද්දට අදාළව සහනයක් සැලසීමට කඩිනමින් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන ලෙසය. නමුත්, වෙළෙද ඇමැතිවරයා ඉකුත් සතියේදීද එම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කිරීමට කටයුතු නොකළේය.
2024 දෙසැම්බර් 22, පෙ.ව. 10:34
2024 දෙසැම්බර් 22, පෙ.ව. 12:07
2024 දෙසැම්බර් 22, පෙ.ව. 12:07
2024 දෙසැම්බර් 22, පෙ.ව. 12:06
2024 දෙසැම්බර් 22, පෙ.ව. 12:06
22-12-24
22-12-24
22-12-24
22-12-24
22-12-24
22-12-24
22-12-24
22-12-24
22-12-24
22-12-24
22-12-24
22-12-24
22-12-24
22-12-24
21-12-24
21-12-24
21-12-24
21-12-24
21-12-24
21-12-24
21-12-24
21-12-24
21-12-24
21-12-24