hit counter

2025 ජනවාරි මස 28 වන අඟහරුවාදා

2025 ජනවාරි 27, ප.ව. 5:24



දිවයින වටා නගර සහ ප්‍රදේශ 06ක වායු ගුණත්ව තත්ත්වය සුළු වශයෙන් අහිතකර මට්ටමක් දක්වා පැමිණ තිබුණා. 

ඒ යාපනය නගරය, කොළඹ නගරය, ගාල්ල කරාපිටිය, ත්‍රිකුණාමලය නගරය,  පොළොන්නරුව නගරය සහ අනුරාධපුර නගරය  යන ප්‍රදේශවලයි.

වායු ගුණ තත්ත්ව දර්ශකය හෙවත් SL AQI හි අගය 0ත් 50ත් අතර යනු යහපත් මට්ටම වන අතර, එය 51 -100 අතර මධ්‍යස්ථ මට්ටමක් වනවා.

නමුත් අගය 101ත් – 150ත් අතර සුළු වශයෙන් අහිතකර වන අතර එම අගය 151 – 200 දක්වා අහිතකර මට්ටමක් ලෙසින් සැලකෙනවා.

කොළඹ නගරයේ වායු ගුණ තත්ත්වයේ අගය ඊයේ 66ක් වූ අතර එය අද 100ත් – 108ත් අතර අගයක් දක්වා ඉහළ ගොස් තිබුණා.

යාපනය නගරයේ වායු ගුණ තත්ත්වයේ අගය ඊයේ 62ක් වූ අතර එය අද 104ත් – 112ත් අතර අගයක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එමෙන්ම ගාල්ල කරාපිටිය ප්‍රදේශයේ වායු ගුණ තත්ත්වයේ අගය ඊයේ 68ක් වූ අතර එය අද 98ත් – 106ත් අතර අගයක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ත්‍රිකුණාමලය නගරයේ වායු ගුණ තත්ත්වයේ අගය ඊයේ 69ක් වූ අතර එය අද 104ත් – 112ත් අතර අගයක් දක්වා ඉහළ ගොස් තිබුණා.

එමෙන්ම පොළොන්නරුය නගරයේ වායු ගුණ තත්ත්වය 110ත් – 118ත් මට්ටමේත් , අනුරාධපුර නගරයේ වායු ගුණ තත්ත්වය 100ත් – 108ත් අතර පැවති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පැවසුවා.

මෙම වායු ගුණත්ව තත්ත්වය තත්ත්ව හේතුවෙන් සංවේදී පුද්ගලයින්ට හුස්ම ගැනීමේ අපහසුතා ඇති වුවහොත් වෛද්‍ය උපදෙස් සඳහා යොමුවන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: