2025 දෙසැම්බර් 22, පෙ.ව. 12:19
ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසන්නේ කොළඹ කොටුව සහ මරදාන දුම්රිය ස්ථානවලට පමණක් සීමා වී ඇති දුම්රිය ප්‍රවේශ පත්‍ර මුදල් ආපසු ගෙවීමේ (Ticket Refund) පහසුකම දෙසැම්බර් 25 වැනිදා සිට දිවයිනේ තවත් ප්‍රධාන දුම්රිය ස්ථාන රැසකට ව්‍යාප්ත කරන බවයි.
ප්‍රවාහන සේවාවන් විධිමත් කිරීමේ සහ මගී පහසුව සැලසීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇති අතර මේ අනුව ලබන 25 වැනිදා සිට බදුල්ල, ඇල්ල, බණ්ඩාරවෙල, හපුතලේ, නානුඔය සහ හැටන් යන දුම්රිය ස්ථානවලින් මුදල් ආපසු ලබාගැනීමේ පහසුකම හිමිවනු ඇත.
එමෙන්ම අනුරාධපුරය, යාපනය සහ මඩකලපුව යන දුම්රිය ස්ථානවලද නියමු ව්‍යාපෘතියක් ලෙස මෙම සේවාව ආරම්භ තිබේ. ඒ අනුව ලබන ජනවාරි මාසයේ සිට මහනුවර දුම්රිය ස්ථානය ද මෙම ලැයිස්තුවට ඇතුළත් කිරීමට නියමිතව ඇත.
දිත්වා සුළි කුණාටුව හේතුවෙන් දුම්රිය ගමන් වාර රැසක් අත්හිටුවීමට සිදු වූ අතර, එමගින් පීඩාවට පත් මගීන්ට තමන් වෙන්කරගත් ප්‍රවේශ පත්‍ර සඳහා මුදල් ආපසු ලබාගැනීමටද මෙය සහනයක් වනු ඇත.
2026 අගෝස්‍තු 27, පෙ.ව. 12:33
2026 අගෝස්‍තු 27, පෙ.ව. 12:30
2026 අගෝස්‍තු 27, පෙ.ව. 12:26
2026 අගෝස්‍තු 27, පෙ.ව. 12:18
2026 අගෝස්‍තු 27, පෙ.ව. 12:17
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26