hit counter

2026 මාර්තු මස 24 වන අඟහරුවාදා

2026 මාර්තු 23, පෙ.ව. 12:10



එළඹෙන සිංහල දෙමළ අලුත් අවුරුදු සමයේ වෙළදපොලේ දී පාරිභෝගිකයන් අසාධාරණයට ලක්වීම වැළැක්වීම වෙනුවෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරීය විශේෂ වැටලීම් හා විමර්ශන රට පුරා ක්‍රියාත්මක ක‍රන බව වාර්තා වේ.

ඒ අනුව මැදපෙරදිග යුද ගැටුම් සමඟ ඇති වී තිබෙන තත්ත්වය ප්‍රයෝජනයට ගනිමින් ඇතැම් වෙළදුන් අත්‍යවශ්‍ය ආහාර, ගෑස් සහ ඉන්ධන සඟවමින් කෘත්‍රිම හිඟයක් වෙළදපොළ තුළ මවා පෑමට උත්සහ දරමින් සිටින බව සඳහන්.

එබැවින් මෙම ව්‍යාපෘතියේ අරමුණක් වන්නේ භාණ්ඩ මිල අසාධාරණ ලෙස ඉහළ දැමීමට ඇතැමුන් ගන්නා උත්සාහය වැළැක්වීමයි.

ඒ අනුව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ක්‍රියාත්මක කරන විමර්ෂණ හා වැටලීම් සති අන්තයේ මෙන්ම රජයේ නිවාඩු දිනවල ද ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව සඳහන්.

මේ අතර විශේෂ වැඩපිළිවෙල යටතේ ගබඩා සහ තොග අලෙවිසැල් නිරන්තරයෙන් පරීක්ෂාවට ලක්කෙරෙන බව වාර්තා වේ. එසේම භාණ්ඩ සඟවා තබන පුද්ගලයන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කරයි.

ඊට අමතරව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පාරිභෝගිකයන්ට දැනුම් දී ඇත්තේ පාරිභෝගිකයන්ට සිදුවන ආසාධරණකම් සම්බන්ධයෙන් 1977 කෙටි ඇමතුම් අංකය ඔස්සේ කාර්යාලීය වේලාවන්වල දී පැමිණිලි කරන ලෙසයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: